ජාතික ආණ්ඩුවක් බිහිකර අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කිරිමේ යෝජනාවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 නොඉක්මවිය යුතු බවත් කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 නොඉක්මවිය යුතු බවත් එම යෝජනාවේ දැක්වේ.
(28535)
COMMENTS
දේශපාලකයෝ ගොඩ ලොකු කරගෙන බඩ පුරවා ගන්නකොට අපි පටි තද කර ගන්නවා.
අපි යෝජනා කරනවා හැකි ඉක්මණින් "හරක් 225ම අගමැතියෝ, ඇමතියෝ නියෝජ්‍ය ඇමතියෝ.." කරමු.
කාලයකට කියනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ කියල. දැන් කියනවා ජාතික ආණ්ඩුවක් ඕනේ කියල. ජ වී පෙ හැර අනිකුත් 219 ඇමති වුණත්, ඔවුන්ට රට හදන්න බැහැ
වැඩිකරගනිල්ලා, වැඩිකර ගනිල්ලා උඹලව නඩත්තු කරන්න අපි ඉන්නවනේ. අනේ දෙවියනේ මීට වඩා හොඳයි නේද 1948 අපිට නිදහස දෙන්නේ නැතුව සුද්දෝම මේක පාලනය කළානම්...
ඕන කෙනෙකුට පුලුවන්ද එහෙම යෝජනා කරන්න.
දැනට ඉන්න ඇමතිගොල්ලට වැඩ බැරිද?
රත්තරන් බිත්තර දාන කිකිළියෝ වන බදු ගෙවන මහා ජනතාව ඉන්නකම් මුන් පිස්සු නටනවා. හරි ඇමතිතුමා වතුර රත් වෙනකම් නේද කකුළුවා දගලන්නේ. පාට කණ්නාඩි නොදමවනම් මේ නරුමයෝ 225ම අතුගාල දාන්න පුළුවන්. ලංකාදීප පාඨක ජනතාව එකගද?
හා හා ළමයි මේවට මොකුත් කියන්න එපා. මේක ලක්ෂ 62 මී කුලයෙ එවුන්ගෙ කැමැත්තනේ බොලන්ලා. උන් හරි සතුටින්ලු ඉන්නෙ තව තවත් බදු ගෙවන්න තියෙනව කියල මතක් වෙද්දී.
මට කවුරුහරි කියනවදේ ඔය වෙඩි නොවදින වාහනවලට වැහිනැති හෙනවදිනවද කියලා.විෂේශයෙන්ම ඔය ගොන්නු යන බ්ම්ව්,ප්‍රාඩෝ,පැජරෝ, වොවෝ, බෙන්ස් , ඩිපෙන්ඉර්. ආදිය.
එහෙන් මෙහෙන් ණයට සල්ලි ටිකක් ලැබුණානේ.. දැන් අලුත් අමාත්‍යාංශ හදලා, අලුත් ඇමති තනතුරු දීලා, අලුතින් වාහන, උපකරණ ගෙන්නාගෙන, ඒ ලැබුණු සල්ලි බෙදාහදාගන්න වෙනවනේ... නේද?
මොන එකකටද ඔයතරම් ඇමතිකම්? ඇමතිකම් වැඩිකරලා රට දියුණු කරන්න බැහැ...