
(සුජිත් හේවාජුලිගේ )
විකුම් අතුල කළුආරච්චි මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු දේවිකා අබයරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩුවූ එම තනතුර සඳහා මෙම පත්කිරීම කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන විකුම් කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීති වෘත්තියට පිවිසියේය .
කළුආරච්චි මහතා මහේස්ත්‍රාත් වරයෙකු ලෙස වසර 27ක කාලයක් කටයුතු කළේය. මීට අමතරව දිසා විනිසුරුවරයකු අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු වරයකු ලෙසද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රජ පවුලට තවත් අමුඩ ශෝධකයෙක් පත්කරගෙන. ඉස්සරහට හොඳ හොඳ තීන්දු බලාගන්න පුළුවනි...