IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘අපි පුරවැසියෝ සංවිධානයෙන් ’ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(දයාරත්න ඇඹෝගම)

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ගෙවීම් අත්හිටුවා ඇති රුපියල් කෝටි 120 ක මුදල දේශපාලන මැදිහත් වීමකින් කොන්ත්‍රාත්කරුවකුට යළි ගෙවීමට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස ‘අපි පුරවැසියෝ සංවිධානය’ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අද (11) ලිඛිතව පැමිණිලි කර තිබේ.

අපි පුරවැසියෝ සංවිධානයේ සම කැඳවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට සිදුකළ පැමිණිල්ලේ මෙසේ ද සඳහන් වේ.

පසුගිය 2011 වසරේදී උතුරු මැද පළාතේ ඇතිවූ ගංවතුරින් හානියට පත්වූ මාර්ග පුනරුප්ථාපන කිරිම සඳහා රුපියල් කෝටි 300 කොන්ත්‍රාත්තුවක් අනුරාධපුරයේ කොන්ත්‍රාත්කරුවකුට පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පවරා තිබිණි.

ඒ අනුව මෙම මාර්ග පුනරුප්ථාපනයේ වැඩ 2012 වසරේදී අවසන් වූ අතර කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කළ පළමු බිල්පත් සඳහා රුපියල් කෝටි 140 ක මුදලක් ගෙවා තිබිණි.

පසුව කොන්ත්‍රාත්කරු විසින් දෙවන වටය සඳහා රුපියල් කෝටි 130 ක බිල්පත ගෙවීම සඳහා අධිකාරියට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේදී විගණන අංශ විසින් ඉදිකළ සියලු මාර්ග පරික්ෂාවේ දී අනාවරණය වී ඇත්තේ පුනරුප්ථාපනය කළ මාර්ග සඳහා එවන් වියදමක් කොන්ත්‍රාත්කරු විසින් දරා නොමැති බවයි.

මෙම මාර්ග ඉදිකිරිම් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්යවරුන් විසින් සිදුකළ පරික්ෂණයේ දී මේ බව සනාථව තිබිණි. ඒ අනුව මෙම ගෙවිම් අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

එහෙත් මැතිවරණ උණුසුම සමඟ කොන්ත්‍රාත්කරු හා එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයින් පිරිසක් මෙම අත්හිටවූ මුදල නැවත ලබාගැනිම සදහා කටයුතු සිදුකරමින් පවතින නිසා එම ගෙවිම් වහාම අත්හිටුවන ලෙසත් පුළුල් පරික්ෂණයක් සිදුකර අදාළ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

මෙසේ නීතිවිරෝධී ආකාරයට මුදල් ගෙවීමට අර අදින පළාත් සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරී එම තනතුර හෙබවීමට සුදුස්සකු නොවන බවත් මෙම ගෙවීම සිදුකිරිමට උත්සහ කරනුයේ ඔහුගේ තනතුර අවධිමත් ආකාරයට රැක ගැනීමට බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.



අදහස් (0)

‘අපි පුරවැසියෝ සංවිධානයෙන් ’ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site