IMG-LOGO

අප ජල ව්‍යාපෘතියේ වැඩ කරද්දී විදුලි රැහැන් කැපෙයි

(විනීතා එම් ගමගේ)

 

මහ කොළඹ අප ජල පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල දී විදුලි බල මණ්ඩලයේ යටි බහන් (underground cable) කැඩී යාම නිසා ඉකුත් පස් වැනිදා අලූයම එකේ සිට පැය 16 කට ආසන්න කාලයක් කොළඹ දකුණ ප‍්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබු බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. 

හයිලෙවල් පාර ආසන්නයේ කිරුලපන සිට නුගේගොඩ දක්වා ට‍්‍රාන්ස්පෝමර් අටකින් පමණ ආවරණය වන ප‍්‍රදේශයන් හි විදුලිය මෙසේ විසන්ධි වූයේ හයිලෙවල් පාරේ කිරුළපන, සීබල් පාර ආසන්නයේ පිරවුම්හල අසලත්,  මුගලන් පාර හා බළපොකුණ පාර සම්බන්ධ වන ස්ථානයේත් යටි බහන් රැහැන් කැඩී යාම හේතුවෙනි. 

මෙම ස්ථානයේ වොල්ට් 11000 ක අධී බහන් රැහැනක් මෙහිදී කැඩි ගොස් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමක දී කොළඹ දකුණ ප‍්‍රධාන විදුලි ඉංජිනේරු අජිත් විතාන මහතා පැවසීය.

එකී කැඩී ගිය අධිබල විදුලි රැහැන් අළුත්වැඩියා කෙරෙන තුරු මෙගා වොට් එකේ විදුලි ජනන යන්ත‍්‍ර දෙකක් ගෙන්වා විදුලිය දීමට මණ්ඩලය උත්සාහ කළ නමුත් එම යන්ත‍්‍ර තැබීමට තැනක් නොමැති වීම නිසා එක යන්ත‍්‍රයක් පමණක් පෞද්ගලික ඇඟළුම් ප‍්‍රදර්ශනාගාරයක පැවැති ඉඩකඩෙක තබා විදුලිය දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

කොළඹ නගරයේ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවල කොන්ත‍්‍රාත්කරුවන්ගේ අවශ්‍යතා සඳහා යටි බහන් විතැන්කර දීම විදුලි බල මණ්ඩලය විසින් නිරන්තර කර දෙන බවත් එමඟින් අනපේක්ෂිත බිඳ වැටුම් වළක්වා ගත හැකි බවත් විතාන මහතා කීය.

එසේ නොවී විදුලිය බිඳ වැටීමෙන් පාරිභෝගිකයා පීඩාවට පත්වනවා මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය අපකීර්තියට පත්වීමක් සිදුවන්නේ යැයි යැයි ද හෙතෙම කියා සිටියේය. 



අදහස් (7)

අප ජල ව්‍යාපෘතියේ වැඩ කරද්දී විදුලි රැහැන් කැපෙයි

රවින් Friday, 07 February 2020 01:19 PM

ආනේ !! ඔය කියන ආයතන යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවිට සම්බන්ධීකරණය කර එකිනෙකාගේ භූගත සැලසුම් හුවමාරු කරගත්තා නම් හොඳ නැද්ද? එවිට කිසිම ආයාතනයකට හෝ මහජනයාට හිරිහැරයක් හෝ පාඩුවක් වීම වළකාගත හැකි නොවේද? සිදුවියහැකි එකම දේ නම් නොසැලකිලිමත් කමින් සිදුවිය හැකි පාඩු නොවේද? දැන් කෙරෙනුයේ එකිනෙකාට ඇඟිල්ල දික්කිරීමක් නොවේද?

:       0       29

BamunuarachchiSaturday, 08 February 2020 02:37 PM

නගරවල තිබෙන ජලනල, භූගත විදුලි පද්ධති, භූගත කේබල් මැනුම් පාලක ලක්ෂ වැනි "යුටිලිටීස්" පෙන්වන GSI සැලසුම් සිතියම් හෝ " ජී එස් අයි ඩේටා බේස්" එකක් අපිට නැත. තිබුණත් කිසියම් ව්‍යාපෘතියක් පටන් ගැන්මට පළමුව "ස්පෙඩ්වර්ක් " කිරීමට නිලධාරින් උනන්දු නැත. පිටරටවල නම් ව්‍යාපෘතියේදී අනිවාර්යෙන්ම කැඩෙන "යුටිලිටීස්" සාදා දීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටියි. අදාල ආයතනය තමන්ට අදාළ කැඩුන "යුටිලිටීස්" සාදා දුන්නා කියා සහතික කරනතුරු කොන්ත්‍රාත් කරුට ගෙවීම් කරන්නේ නැත.

:       0       0

athuraSunday, 09 February 2020 06:45 AM

අප ජල ව්‍යාපෘතියට ගත්ත ණයෙන් තකහනියක් මිනිස්සුන්ට පේන ටික ලස්සන කරාම පසුකාලිනව ඔවැනි දේට මුහුණ දෙන්න වෙනවා.

:       0       0

wikcy Friday, 07 February 2020 04:33 PM

අනේ පාරවල් හැදුවට පස්සේ ඒවා අාපහු හාරනවා නම්, අඩුම ගානේ තිබිච්ච විදියට අාපහු හදන්න... මොකද ගෙවන්න පුළුවන් හැම බද්දක්ම උපරිමයෙනුත් ගෙවලා ණයට ගන්න පුංචි වාහනේ ඔය වලවල් වල වැටුණාම අාපහු අමතර කොටස්වලට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. අනික ඔය ආයතන කිසියම් පිළිවෙලකට අදාල සංවර්ධන කටයුතු සැලසුමක් ඇතිව කරනවා නම් මහජන මුදල් සෑහෙන්න ඉතිරි කරගන්න පුළුවන්... පාර හදනකන් ඉඳලා වතුර බටදානවා.. එ්ක බාගෙට හදලා යනවා. ඊට පස්සේ දුරකථන සමාගමක් හදනවා. එයාලා තව පොඩ්ඩක් බාගෙට හදනවා...

:       0       8

nuwan Saturday, 08 February 2020 08:55 AM

කොහෙද යටි බහන් තියෙන්නේ? භූගත විදුලි රැහැන කියලා කියන්නකෝ..?

:       0       25

caslanka Saturday, 08 February 2020 05:10 PM

ජනපති හිතාමතා අපහසුවට පත් කිරීමේ වැඩපිළිවෙල සැලසුම් සහගත ලෙස සිදුවන බවයි මේ දකින්නට තියෙන්නේ.

:       1       0

Kumar Sunday, 09 February 2020 03:30 AM

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නම් USA නමින් සංවිධානයක් තිබෙනවා. මාර්ගවල යම්කිසි වතුර පයිප්ප දැමීම වගේ වැඩක් කරන්නන පෙර මෙම සංවිධානයට දැනුම දෙන්න ඕනෙ. එසේ දැනුම් දුන්න විට සියලුම කේබල් වැනිදේ පාරේ සලකුණු කරනවා. ඒ වැනි දෙයක් ලංකාවේ ඇති කරන්න බැරිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site