(රංජන් කස්තුරි)
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත්වී තිබේ.
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනස්කම් සඳහන් කරමින් මැතිවරණ කොමිසන් සභාවට යැවීමට සූදානම් කර ඇති ලිපියකටද රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරයා ලෙස අත්සන් යොදා ඇත.
එම ලිපියෙහි අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ , උප සභාපති ලෙස ආචාර්ය සේනක ද සිල්වා , ලේකම් ලෙස රාජිත සේනාරත්න යන මහත්වරුන් පත්කර ගත්බවද සඳහන් කර තිබේ.
උපලේකම් ධූරයට ඩයනා ගමගේ , පාලක ලේකම් ධූරයට ආර්.ඒ.ටී.ඒ ගුණසේකර , ප්‍රචාරක ලේකම් එච්.පී චන්ද්‍රිකා , මුදල් ලේකම් ධූරයට තුසිත කළුපහන , අධ්‍යාපන ලේකම් ධූරයට ඒ.වී.ජී ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න සංවිධායක ලේකම් ධූරයට අනෝජ් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු පත්කර ගත්බව එම ලිපියෙහි සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේ ජාතික පෙරමුණේ සභාපති රනිල්
ravi Tuesday, 11 February 2020 04:59 PM
රනිල්, ඉන්න කිසිම පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නේ නැහැ..
Buddika Tuesday, 11 February 2020 11:17 PM
රනිල්, අකිල ඇතුළු රනිල්ගේ ගෝලයෝ පිරිස අද මේ කරන්නේ මහින්දගේ ඩීල් එකක්.
sudda Tuesday, 11 February 2020 11:37 PM
දැන් ඔරිජිනල් යුඑන්පී එක පෙරමුණු කීයක ඉන්නවද. එතකොට කොපි යුඑන්පී එකකුත් එන්න හදනවා.
rocky Wednesday, 12 February 2020 02:51 AM
ලේකම් රාජිත සේනාරත්න මහත්තයද ? අපූරුයි!
sigithi Wednesday, 12 February 2020 04:24 AM
ලෝකයේ තියෙන හොදම විහිළුව තමයි.
sirimal Wednesday, 12 February 2020 04:35 AM
රටේම අවාසනාව.
සේන Wednesday, 12 February 2020 07:08 AM
රජ පුටුවේ මළත් සැපයි.
Hafeel Wednesday, 12 February 2020 08:00 AM
මම යෝජනා කරන්නේ රාජිතව මාධ්‍ය ප්‍රකාශක, චතුර පුතාව උපදේශක සහ රවීව මුදල් ලේකම් හැටියට පත් කලයුතුයි කියලා.