(නිමන්ති රණසිංහ)
පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අන්තර්ජාලය හා සම්බන්ධව සිදුවන අපරාධ හා ළමා අපයෝජන සම්බන්ධයෙන් දවසේ පැය විසි හතර පුරාවටම අධික්ෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
යූ ටියුබ් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සිදුවන අපයෝජන සහ අනෙකුත් අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ මෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරින් මෙම විමර්ශන සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, “ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම“යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඉකුත් 20 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී ය.
අන්තර්ජාලයෙන් සිදුවන ළමා අපයෝජන මැඬැලීම උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතුව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඉන්දියාව හා දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂක මෙරට ළමා අපයෝජන වාර්තා වන්නේ අඩු ප්‍රමාණයක් බවත්, අප උත්සාහ දරන්නේ එම තත්වය ශූන්‍ය කර ගැනීමට බවත්, හෙතෙම පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අපරාධ සහ ළමා අපයෝජන ගැන පැය 24ම අවධානයෙන්
ganegoda Wednesday, 21 July 2021 07:58 PM
ඇතැම් වෙහෙර විහාරස්ථානවල සිදුවන මෙවන් ක්‍රියාවන් පිළිබඳවත් අවධානයට යොමු වේවා...!!
මෝ Wednesday, 21 July 2021 09:48 PM
වැඩක් නෑ,මහත්තයෝ.අන්න අදත් පත්තරේ තියෙනව අවු 13 දැරියක් අපයෝජනය වෙලා කියල.ලමා අපයෝජකයින්ට මරන දඩුවම නීතිගත කල යුතුයි.
lal Thursday, 22 July 2021 05:11 AM
සමහර අම්මලාගෙන් තමන්ගේම දරුවන්ට වන හානිය මෙයට වැඩියි...