(ඉන්දිකා රාමනායක)
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි.
මෙම කණ්ඩායමට යාත්‍රා 35 ක් සමග නාවික හමුදාවේ 200 ට ආසන්න පිරිසක් බවද නාවික හමුදාව පවසයි.
ගං වතුර අවධානමට පෙර සුදානමක් වශයෙන් බටහිර නාවික විධානය මගින් ආපදා සහන කණ්ඩායම් තුනක් රත්නපුර දිස්ත්රිගක්කයේ ස්ථානගත කර ඇති අතරල ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් 24ක් බටහිර නාවික විධානයෙහි සූදානමින් තබා ඇති බවද පොලිසිය පවසයි.
දකුණු නාවික විධානය මගින් ද සහන කණ්ඩායමක් උඩුගම ප්රාේදේශිය ලේකම් කොට්ඨාශයේ උඩලමත්ත ප්රිදේශයේ ස්ථානගත කර ඇති අතරල ක්ෂණිකව ස්ථාන ගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 07ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව පවසයි.
දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්යෙ සහන සැලසීම සඳහා අවශ්ය තාවය මත සහන කණ්ඩායම් කඩිනමින් යෙදවීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපදාවලට සහන දෙන්න නාවික හමුදාව සූදානමින්