IMG-LOGO

අනවසර අවි මඩින්න යෝජනා 8 ක්

(බිඟුන් මේනක ගමගේ )
 

අනවසර ගිනි අවි සහ සුළු අවිවල බලපෑමෙන් සමාජය මුදාගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වහා ගත යුතු පියවර අටක් රජයට යෝජනා කරමින් නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය නිවේදනයක් නිකුත් කර ඇත.
 
 1996 අංක 22 දරණ ගිනි අවි පනත, 2005 අංක 18 දරන පුපුරණ ද්‍රව්‍ය පනත, 1948 අංක 20 දරන ආගමන විගමන පනත යන පනත් තුන සංශෝධනය කිරීමත් 2008 වසර දක්වා ක්‍රියාත්මක වූ නීතිවිරෝධී හා සුළු ගිනි අවි ව්‍යාප්තියට එරෙහි ජාතික කොමිෂන් සභාව නැවත ස්ථාපිත කිරීමත් ජාතික වශයෙන් වූ යෝජනා වේ.
 
 සියලු ආකාරවලින් සුළු අවි සහ සැහැල්ලු ආයුධ නීති විරෝධී ලෙස වෙළෙඳාම් කිරීම වැලැක්වීම හා තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතින්ගේ ක්‍රියාත්මක සැලසුම සමග නැවත සම්බන්ධ වීම, අවි වෙළෙඳාම පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතියට ප්‍රවේශ වීම, අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදිය හා සම්බන්ධ එක්සත් ජාතින්ගේ අනෙකුත් ප්‍රඥප්ති සහ යෝජනා සම්මතවලට සාධනීය අයුරින් සම්බන්ධ වීම හා තොරතුරු බෙදාගැනීමට මානව සම්පත පුහුණු කිරීම ඇතුලුව තාක්ෂණික සහාය ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ වීම ජාත්‍යන්තර වශයෙන් කරන යෝජනා වේ.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ කරන පරීක්ෂා කිරීම්වලදී මේ වනවිට හමුව ඇති පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සංඛ්‍යාත්මකව ගතහොත් සමාජයක් තැතිගන්වන තරමක යැයි ද මෙය ඉතාම බරපතල තත්ත්වයක් යැයි ද නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා පවසයි.
 
මෙම අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධයෙන් පියවර ගන්නැයි රජයට කාලයක් තිස්සේ අවධාරණය කළ ද එය අවධානයට ගත්තේ නැතැයි ද මෙම තත්ත්ව හමුවේ හෝ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලා සිටින බව ද නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අභයගුණවර්ධන මහතා එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.



අදහස් (0)

අනවසර අවි මඩින්න යෝජනා 8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site