( වීනීතා ගමගේ )
නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන් බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.
දහම් පාසල් දරුවන් මහ පාරට ඇද දමා ඇති බැවින් තමන් එහි ගොස් මැදිහත් වී දරුවන්ට දහම්පාසල විවෘත කර දුන් බවත් එය වරදකැයි තමන් නොදකින බවත් හෙතෙම කියා සිටියේය.
බෞද්ධාගම වෙනුවෙන් තමන් ඉදිරිපත් වීම වරදක් දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද ඔහු සඳහන් කළේය.
හරි කවුද වැරදි කවුද යන්න පසුව තීරණය කරන තුරු දරුවන්ට දහම්පාසැලේ ඉගෙන ගන්නට දෙන්නැයි තමන් උපදෙස් දුන් බවත් අදාල අංශ විසින් හරි වැරද්ද තීරණය කළ පසු කරන දෙයක් කරන්නැයි තමන් පැවසූ බවත් හෙතෙම පැවැසීය.
එකී දහම් පාසලට එන දැරියන් ගෙන් වැඩි පිරිස අනුලාවේ දැරියන් යැය පැවසූ ආණ්ඩුකාරවරයා දහම් පාසල් වැසීමට නොව තව තවත් අරින්නට කටයුතු කළ යුතුයැයි ද යම් පුද්ගලයෙක් කළේ යැයි කියන වරදකට දහම් පාසැලේ දරුවන් වගකිව යුතු වන්නේ දැයි ප‍්‍රශ්න කළේය.
ආණ්ඩුකාර පදවිය දරණ තමන්ට පක්ෂ පාට හෝ ජාතිය පිළිබඳ කිසිදු වෙනසක් නොවන්නනේ යැයි පැවසූ අසාද් සාලි මහතා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට ඒ කිසිවක් උවමනා නොවන්නේ යැයි ද පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘අනුලා විද්‍යාලයට බලෙන් ඇතුළු වුණේ නැහැ‘
රවින් Monday, 14 January 2019 12:06 PM
ආරංචියේ හැටියට දහම් පාසල වහලා තියෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවෙන්ලු. වරද තියෙන්නේ එතන. ගිහිල්ලා හරි කාර්යාලයේ ඉඳලා හරි හොයා බලන්න තිබුනා කරුණු කරණා.
vipula Monday, 14 January 2019 01:24 PM
පිරිහුණු දේශපාලනය සෑම අංශයකටම පිළිලයක් වෙලා. රටට වසංගතයක් වෙලා ....
nihal Monday, 14 January 2019 08:48 PM
දහම් පාසල් වීවෘත කිරීම දර්මයෙන් කලයුතු බව දැනගත යුතුය....
ajith Tuesday, 15 January 2019 03:21 AM
ආණ්ඩුකාරතුමා දැනගෙන හිටියේ නැද්ද? මේක පුද්ගලික දහම් පාසලක් කියලා. පාසලත් දහම් පාසලත් අතර ඇති ප්‍රශ්නයක් තිබුන බව ඔබතුමා නොදැනද මේකට අත ගැසුවේ?