(*** මඩුකන්ද සිතුම් චතුරංග)
මන්නාරම, මුරුන්කන්, නානට්ටන්හි නිවෙසක අත්තිවාරමක් කපමින් සිටියදී අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැකකෙරන හස්සබු කාසි ලෙස හැඳින්වෙන ඉපැරැණි කාසි සහිත මුට්ටියක් ඉරිදා (20) හමුවී ඇති බව මන්නාරම පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පැවසුවේ නිවසක් සඳහා අත්තිවාරම කපමින් සිටි සේවක පිරිසකට මැටි මුට්ටියක තිබී මෙම ඉපැරැණි කාසිතොගය හමුවී ඇති බවයි.
හමුවූ මුටිටියේ තිබූ කාසි අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන අතර එහි තිබී හස්සබු කාසි 1850 ක ප්‍රමාණයක් හමුවූ බවද ඔහු සඳහන් කළේය.
අතීතයේ ප්‍රධානතම වෙළඳ වරායවූ මන්නාරම මාතොට වෙළෙඳ වරාය හරහා පෙර අපර දෙදිග වෙළඳ කටයුතු සිදුවී තිබූ අතර එහි සාක්ෂි ලෙස මෙම ඉපැරැණි කාසි විවිධ ස්ථානවලින් හමුවන බවද ඔහු පැවසීය.
අනුරාධපුර මුල් යුගයේ භාවිතවූ බවට සැකකළ හැකි මෙම කාසි මෙරට නිෂ්පාදිත ප්‍රථම කාසි හෝ විදේශ කාසි වියහැකි බවට පුරාවිද්‍යා නිලධාරීහු සැකපළකරති.
කාසි තිබූ මැටි මුට්ටිය අත්තිවාරම කැපීමේදී විනාශවීගොස් ඇති අතර එහි කොටස් කිහිපයක් පමණක් හමුවූ බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
හමුවූ කාසිවල එක් පැත්තක මත්ස්‍ය සලකුණ හා අනෙක් පස කඟවේනකුගේ යැයි සැකකළ හැකි රූපයක් තිබෙන අතර එහි එක් එක් හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කාසි විශාල සංඛ්‍යාවක් තිබූ බවද ඔහු කීය.
හමුවූ කාසි සියල්ලෙහි නිශ්චිත කාලවකවානුවක් ගණනය කිරීම සඳහා පුරාවිද්‍යා විශේෂඥයින් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කාසි දැනට ආරක්ෂාව සඳහා මුරුන්කන් පොලිසියේ තබා ඇති බවද ඔහු සඳහන් කළේය.
උතුරු පළාතෙන් එකවර පැරැණි කාසි තොගයක් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර හමුවූ කාසි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනුරපුර යුගයේ කාසි මුට්ටියක් මුරුන්කන්වලින් මතුවෙයි