(අතුල බණ්ඩාර සහ උපුල් හේරත්)
අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි.
පෞද්ගලික සමාගම අද පෙරවරුවේ ඒ.ටී.එම් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමට සූදානම් වෙද්දි යතුරු පැදියකින් ආ දෙදෙනකු ඔවුනට මිරිස්කුඩු ගසා මුදල් පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් හා මුදල් ගෙනා පිරිස අතර පොරයක් සිදුව තිබේ.
එක් කොල්ලකරුවකු එහි ආරක්ෂාවට සිටි පුද්ගලයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කිරිමේ දි ආරක්ෂකයාට වෙඩි වැදී රෝහල් ගත කර ඇත.
ඒ සමග මුදලා රැගෙන ආ වෑන් රියේ රියැදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර වෙඩි කාගෙනම කොල්ලකරුවන් පළා ගිය බව ඔවුහු පවසති
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි
කුසල් Thursday, 06 May 2021 03:55 AM
අනුරාධපුරේ තාම ඉන්නේ යෝධයෝ බොලව්...... රියදුරුතුමාට අපගේ උපහාරය!
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 May 2021 05:36 AM
පොලීසිය එන්නේ අන්තිමට පරීක්ෂණ කරන්න තමයි. ඒත්, හොරු අල්ලන්න නිසි ක්‍රමවේදයක් මේ රටේ පොලීසියට නැහැ.මේ රියැදුරාට ස්තූති වෙන්න සල්ලි ටික බේරුණා. ඔහු පොලීසියට බැරි සේවයක් කළේ.තුවාල වූ හොරුන්ව අල්ලා ගැනීමට හැකිවේවි.ඒත්,ඉතින් උසාවියේ නීති තර්ක කාරයන් මොනවගේ ප්‍රශ්න අහයිද දන්නේ නැහැ.අවසර නැතිව ගිනිඅවි පාවිච්චි කලේ මොකටද කියා අහවිද දන්නේ නැහැ.
t m rukmanMonday, 10 May 2021 07:54 AM
ඒක ඇත්ත කතාව ....
සෙනවි Thursday, 06 May 2021 08:16 AM
මේව ඇතුලෙන්ම ක්‍රියා වෙන වැඩ....
Asanka Thursday, 06 May 2021 08:35 AM
අන්න නියම මිනිස්සු... රැකියාව අකුරට ඉටුකරන වගකීම හරියට කරන්න. ජයවේවා ඔබට... රියදුරා සහ එම නිලධාරීන් වීරයන්... අනිකුත් ආරක්ෂක නිලධාරිනුත් මේවගේ නිර්භීතව ක්‍රියාකරතැයි අපෙක්ෂා කරමු.
Raveedran Thursday, 06 May 2021 12:14 PM
මංකොල්ලය වැළැක්වීමට ඉදිරිපත්වූ රියදුරු මහත්මයට යහපතක්ම වේවා.....මංකොල්ල කරුවන්ට ඉක්මණීන්ම වැලිගම් බලා යාමට අවස්ථාව පෑදේවා.......
athula Thursday, 06 May 2021 01:03 PM
මිරිස්කුඩු ගැහැව්වා නම් මේක පාර්ලිමේන්තුවේ කෙනෙකුගේ වැඩක් වෙන්නට බැරිද?
horu Thursday, 06 May 2021 11:40 PM
අපිගැන බලන්න කවුරුත් නැනේ
ගමේ එකාලා Friday, 07 May 2021 07:10 AM
අපි හිතුවේ ලන්කාවේ ටෙලි නාට්‍යක ජවනිකාවක් කියලා. අද තියෙන්නේ එහෙම දේවල්නේ?