IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප‍්‍රහාරයට වසර 10 ක සිරදඩුවම්

(උපාලි ආනන්ද)

 අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් හා ගොඩබිමින් ප‍්‍රහාර එල්ල කර  කඳවුරු ගුවන් පථයේ නවතා තිබු ගුවන් යානා 16ක් විනාශකර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10  බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරිමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.  

එම සිරදඬුවම් කාලය වසර පහකින් ගෙවී යාමටද තවදුරටත් නියෝග කෙරිණි. 

අනුරාධපුර මහාධිකරණය හමුවේ අද (16) යළි කැඳවු අවස්ථාවේ දී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

කොටි සංවිධානයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදී ඇති පාපොච්චාරණය නීත්‍යනුකූල බවට දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු මහේෂෟ වීරමන් මහතා  මීට පෙර තීන්දු කළේය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු මිය ගොස් ප‍්‍රහාරයට පැමිණි එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන කළු කොටි සාමාජිකයෝ 21 දෙනෙකු ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රති ප‍්‍රහාර හමුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගුවන් පථයේදී මරණයට පත් වූහ.



අදහස් (8)

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප‍්‍රහාරයට වසර 10 ක සිරදඩුවම්

Amith Wednesday, 16 January 2019 10:51 AM

දඬුවම ප්‍රමාණවත් නැහැ නේද?

:       0       200

janaka Wednesday, 16 January 2019 11:00 AM

අධිකරණයට හුරේවා...!!! සන්තෝසේ විලි ලැජ්ජාවේ බැහැ... කෝටි 400 ක මහජන දේපල විනාශ කරලා...මනුස්ස ඝාතන 14ක් කරපු අපරාධකරයින්ට සිර දඬුවම් කාලය අවුරුදු 5යි.

:       0       87

Raveendra Wednesday, 16 January 2019 11:04 AM

අපේ ගණිත දැනුම නම් ඉතාමත්ම අල්පයි. එ්ත් 14 කට, කෝටි 400 කට 10 නම්..? අනේ මන්දා අපි මේ හීනෙන් දොඩවනවාද කියලා?

:       0       28

බන්ඩාර Wednesday, 16 January 2019 11:13 AM

ඇයි මේ රටේ සුලු ජාතින්ට මෙහෙම රිද්දන්නේ?

:       6       3

Indunil Wednesday, 16 January 2019 11:43 AM

එල්ලලා මරණ එක නේද ඕකට දෙන්න පුළුවන් අඩුම දඬුවම?

:       1       60

sampath Wednesday, 16 January 2019 01:58 PM

පාඩුව කෝටි 400 යි ලු. හමුදා සාමාජිකයින් 14 කුත් මැරිලා ලු. වසර 10 ක සිර දඬුවම 5කින් ගෙවෙන්නත් නියම කරලලු. නොසැලකිල්ලෙන් වෙඩි තිබ්බා කියලා හමුදාවේ නිලධාරීන්ට මරණ දඬුවමත් දීලා තියන රටේ අධිකරණය හරිම ස්වාධීනයි.

:       0       82

Kasun Wednesday, 16 January 2019 02:41 PM

දන්නේ නැති නිසා අහන්නේ.. වසර 10ක දඬුවම වසර 5න් ගෙවී යන විදිහට දෙනවා කියන්නේ මොකද්ද...?

:       0       2

ජයන්ත මිලානෝ Thursday, 17 January 2019 06:53 AM

නෑ හොදටම ඇති ,මෙම තීන්දුවෙන් ජාත්‍යන්තරය සතුටට පත්වෙනවා .ඒක රජයේ යුතුකම .එහෙම නොවුනොත් රටේ ජනතාව බඩගින්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site