





(ඡායාරූප සහ වීඩියෝ - ඉෂාන් සංජීව)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් කොළඹ මහපොළ ශිෂ්‍යාධාර ගොඩනැගිල්ල ඉදිරිපිටදි අද (05) විරෝධතාවක නිරත වූහ.
මාස ගණනක් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරිකය දෙන ලෙසත්, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙසත් ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල වැඩිකොට මේ අය ඉල්ලන සියලු දේ දිය යුතුයි.
නියමයි, තව උද්ඝෝෂණය කරන්න. ඊට පස්සේ අපි ඕගොල්ලන්ගේ අපේක්ෂකයාව ජනාධිපති කරනවා. ඒ ජනාධිපතිගේ රාජකාරිය වෙන්නේ මුළු නිලකාලය තුළම උද්ඝෝෂණ කරන එක විතරයි. නැතිනම් එයාට විරුද්ධව මහජනයා උද්ඝෝෂණ මෙහෙයවනවා. යමු ඔහොම ඉදිරියටම..
මල්ලිලා, නංගිලා මෙහෙම ඉන්නේ නැතිව, ගිහින් පොතක් පතක් බලාගන්නවාද අපිට පව් නොදී...
කඳුළු ගෑස් ගස්සවාගෙන දවසින් දවස නාකිවෙනවා. රැකියාවක් ලැබෙනතුරු මොනවා හරි කරන්න. රටේ හැමතැනම මාන වගේ පරිසරය විනාශ වන වල් පැලයක් හැදිලා තියනවා, වතුරේ ජපන් ජබර වැනි වැඩක් නැති පැලයකින් වැව විනාශ වෙලා තියනවා. ඔය තරුණ මොළ පාවිච්චි කරලා රසායන විද්‍යාව, ජීව විද්‍යාව කරපු අයත් සමග එකතුවෙලා මොනවා හරි පරිසරයට හිතවත් දෙයක් නිර්මාණය කරන්න උත්සහ ගන්න. අපිටත් තරුණ දිවිය මතකයි. කුඹුරු අස්වදපු හැටි, පොල් අතු වියපු හැටි, කුඹුරුවල වල් නෙලපු හැටි. තණකොළ කපල හරකුන් පෝෂණය කරලා කිරි දොවපු හැටි ඒ අතරම අධ්‍යාපනය ලබපු හැටි. ග්‍රාමීය අපිට කොතරම් බාධක පැමිනුනාද , එනමුත් අපිට පසුබාන්න තරම් කාලයක් තිබුනේ නැහැ. තවද තාක්ෂණික ආයතන වල මාස හයේ පාටමාලා තියනවා අලුත් දෙයක් ඉගෙන ගෙන තමන්ගේම දෙයක් පටන් ගන්න. ඔය තරුණ මොලයට අලුත් දෙයක් ඇතුල් කලොත් ඔබලාට අලුත් අදහස් පහල වෙයි. මනස කියන එක පුදුම දෙයක්. එයට අවශ්‍ය අලුත් අදහස් පමණයි . ටිකක් මේ ගැන සිතල බලන්න. අනුන්ගේ දේවල් දිහා බලාගෙන ඉන්න එපා.අද මේසෙන් වැඩ කරන කෙනෙකුට දවසේ වැටුප රුපියල් 2000 කි.
උසස් අධ්‍යාපනය විනාශ කරලා දැන් ශාසනයත් විනාශ කරන්නද හදන්නේ ? සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලාගේ දානේ වේලත් නැති කරන්නද හදන්නේ. කරුණාකර ඔය චීවරය අයින් කර සටනට සුදුසු වෙනත් ඇඳුමක් ඇඳන් අයිතිවාසිකම් ඉල්ලන්න. කෝ මේ ඇත්ත ගේ ගුරු හාමුදුරුවරු සහ ගිහි කල මව්පිය වැඩිහිටියෝ ? මහනායක ස්වාමින් වහන්සේලා කෝ ? බොහෝම කනගාටුයි කාන්තාවක් විදියට මෙහෙම කතා කරන්න සිදුවීම ගැන . අපේ උසස් අධ්‍යාපනයයි ශාසනයයි දෙකම නැති වෙන කම් ඇස් පියාගෙන ඉන්න බැරි නිසා මේ ලිව්වේ.
මේ වගේ කාලය කා දමන පිරිසක් කිසිම රටක නැතුව ඇති.
මේ ළමයි හොස්ටල් එකක විදුලි පංකාවක් නතර කරන්නේ නැහැ. වතුර කරාමයක් හරියට වහන්නේ නැහැ. තමන්ගේ සරසවියේ කුණු ගොඩක් සුද්ද පවිත්‍ර කරගන්නේ නැහැ. විශේෂයෙන් ඩෙංගුවලට හමුදාවෙන් දාලා පිරිසිදු කෙරෙව්වේ... මොන කතාද? නිකම් හම්බවුණා ඔබ නිදිවරලා පාඩම් කරලා ලබාගත්තු අධ්‍යාපනය අනුන්ගේ අතකොලු වෙලා විනාශ කරගන්න එපා..
රවීන්ද්‍ර මහත්මයා , වැඩිහිටියන්ටත් තමන්ගේ තරුණ දරුවා ගැන වගකීමක් තිබෙනවා. ආ දැන් අපේ ළමයා උගතා නිසා රටේ ඉහ නිකට පැහුණු වැඩිහිටියන්ටත් වඩා දන්නවා කියා අහක බැලීම සුදුසු නැහැ. තමන්ගේ ළමයාව රටටම හිසරදයක් කර සමාජගත කිරීමේ වරදින් ඔවුන්ට ගැලවෙන්න බැහැ. ඒ වගකීම, පාසල ගුරුවරු, ආණ්ඩුව හෝ රටේ තත්වය , සමාජ ක්‍රමය ,ආදී නිදහසට කාරණා ඉදිරිපත් කර සාධාරණීකරණය කරන්න බැහැ. කලකට පෙර , මගේ ළමයා පිකට් එකේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම කාර්යාලයෙන් ෂෝට් ලිව් දමා ගොසින් කනේ පාරක් දීලා ගෙදර ඇදන් ආවේ. දැන් ළමයා පිටරට විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලබා පශ්චාත් උපාධිය හදාරනවා. තව පොඩ්ඩෙන් හිරේ. ළමයි බිහිකර මුළු රටටම හිසරදයක් කර සමාජගත කිරීම ජාතික අපරාධයක්.
හොර චීවරධාරීන් පෙරටුකොටගෙන මේ කරන ගොන්කම් නවතා ඉගෙනගෙන රැකියාවක් හෝ තමතමන්ගේ ව්‍යාපාරයක් කරලා ජීවත් වෙයව්. මහපොළ සල්ලි නුඹලාගේ බූදලයක් නොවේ. රටේ මහජනයාගේ බදු මුදල්. අම්මලා තාත්තලා ළමයි හදන්න විතරක් නොවේ. අධ්‍යාපනයටත් වියදම් කරන්න ඕනේ. ඒක ඒ ගොල්ලන්ගෙත් වගකීමක්. ඒ වගේම වෙන රටවල තියෙන විදියේ ශිෂ්‍ය ණය ක්‍රමයකින් මේ රටේ අධ්‍යාපන බර අඩු කරන්නම ඕනේ. එතකොට මේ නිකමුන් වේගෙන යන උපාධිධාරීන් බෝ වෙන එක නවතීවි...