(නිමන්ති රණසිංහ)
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ විශ්ව විද්‍යාල සිසුන් 53 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.
මෙහි 10 වැනි සැකකරු වූ විශ්ව ධනංජය සිල්වා යන අය පමණක් ලබන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
10 වැනි සැකකරු මින් ඉහත දී ද මෙවැනිම නඩුවක සැකකරුවකු ලෙස ඇප මත සිටි බැගින් පෙර වැරදි අනාවරණය වන බව සළකා අධිකරණය එලෙස නියම කෙරිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අන්තරේ සිසුන් 53 දෙනාට ඇප
Mahee Friday, 25 October 2019 08:18 AM
ඒක හොඳයි. මං මේ බයේ හිටියේ මීට පස්සේ අපට පාරවල් අවහිර නොවී ගෙදර යන්න ලැබෙයි කියලා. එහෙම වෙලාවට ගෙදර ගියා නම් කරන්න දේකුත් නැහැනේ. දැන් ඉතින් පුරුදු පරිදි පාරවල් ඇරෙනකම් උඩ බලාගෙන ඉන්න පුළුවන්.මල්ලිලා හෙට ඉඳන් ආයේ වැඩ පටන් ගන්න ඕන හොඳේ.
Kumar (Gulf) Friday, 25 October 2019 03:22 PM
මේ නරි රැල දිගටම කූඩුවේ තියන්නයි තිබුණේ නිදහස් නොකර...
Raveendra Saturday, 26 October 2019 05:56 AM
කරුණාකර මේ අයගේ ඡායාරූප, නම්ගම් දමා මහජනතාවට තමන් ගෙවන බදුමුදල් කාබාසිනියා කරන එවුන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ අටමගල යටතේ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමගින් මොවුන්ගේ ගම්බිම් ප්‍රදේශ අහිංසක බදුගෙවන පුරවැසියන් හට දැන ගැනීමට හැකිවනු ඇත.