IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අන්තර් ප්‍රවාහන සේවා නතර කිරීමට හේතුව ඇමැති කියයි

(ෂේන් සෙනෙවිරත්න)

පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ අත්‍යවශ්‍ය සේවාවලට ඇතුලත් නොවන පිරිස් වීම හේතුවෙන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කොළඹ ආශ්‍රිතව හමුවන ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව කොවිඩ් කමිටුව පෙන්වා දුන් නිසා අනවශ්‍ය ආකාරයට එම බස් රථවල හා දුම්රියවල ගමන් කරන පුද්ගලයන් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වූ නිසා එම ගමන් වාර නවතා දැමීමට පියවර ගත්තා .

පළාත් අතර ධාවනයට යොදවා තිබූ දුම්රිය හා බස් රථවල විශාල තදබදයක් දක්නට ලැබුණා . මේ නිසා කොළඹින් හඳුනාගෙන තිබෙන ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වුණා . එසේ වුවහොත් වෛරස ව්‍යාප්තිය පාලනය කරගන්න බැරි වෙයි කියන මතයට පැමිණ කොවිඩ් කමිටුව අන්තර් පළාත් පොදු ප්‍රවාහන කටයුතු නතර කරන ලෙස උපදෙස් ලබා දුන්නා .

පිට පළාත්වල සිට කොළඹට එන බස්රථ පළාත් සීමාවලදී පරීක්ෂාකරන විට ඒවා ඒවායින් වැඩි පිරිසක් ගමන් කර තිබුණේ අත්‍යවශ්‍ය නොවන පිරිස් . බස් රථයක 50 ක් ගමන් කර තිබුණොත් 10 දෙනෙක් පමණයි අත්‍යඅවශ්‍ය සේවාෙවලට ගමන් කරන අය සිටියේ . එම 10 දෙනා ඉතුරු කර අනිත් 40 බැස්සුවොත් එතනින් එහාට බස් රථය ගෙනියන්න රියදුරු හා කොන්දොස්තර කැමති වන්නේ නැහැ .



අදහස් (1)

අන්තර් ප්‍රවාහන සේවා නතර කිරීමට හේතුව ඇමැති කියයි

ලලිත් එම් Monday, 19 July 2021 07:13 AM

මේ ක්‍රමය හරිම අසාර්ථකයි, අසාධාරණයි. අත්‍යාවශ්‍ය සේවාවල ඉන්න අයට රැකියාවට යන්න ඕනෑ. ඒත් ප්‍රවාහන සේවා නැහැ. ආයතන වල ප්‍රධාන කාර්යාලවලට විතරක් ප්‍රවාහන පහසුකම් හදාගෙන. ශාඛාවල අය තම පුද්ගලික ප්‍රවාහන පහසුකම් සොයාගෙන යන්න ඕනෑ. හොඳම උදාහරණය බැංකු. ඔක්කොම ලොකු පඩි ගන්න අය නොවෙයි. මේ උද්දච්ඡ ඇමැතිවරුන්ට ඒවා පේන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site