IMG-LOGO

අනතුරට පත් යාත්‍රාවේ-අත්අඩංගුවටගත් ධීවරයින් ප්‍රාදේශිය ධීවර කාර්යාලවලට

පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අනවසර ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ යාත්‍රා අනතුරින් මුදවා ගත් ධිවරයින් 08 දෙනා අදාළ  ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත  මේ වන විට භාර දිමට කටයුතු කර  ඇතැයි නාවික හමුදාව පවසයි.

මුදවා ගත් ධිවරයින් අතරින් 05 දෙනකු  මුහුදුබත් වූ ධීවර යාත්‍රාවක සිට මුදා ගෙන ඇති අතර,  එය ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදා පරිවාරය සමඟ කරෛයිනෙගර් වෙත රැගෙන යන අතරතුර දී එන්ජින් කාමරය තුළට සිදුවු අධික ජල කාන්දුවක් හේතුවෙන් මුහුදුබත් වූ යාත්‍රාවක් බව පසුව අනාවරණය  වී තිබේ.

එමෙන්ම, නාවික හමුදාව මඟින් පෙර දින මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂීත නැව් හැසිරිම් සමඟ පලා යෑමට උත්සාහ කිරීමේදි නාවික හමුදාවට අයත් යාත්‍රාවක ද ගැටී මුහුදු බත් වී ඇති අතර මෙමගින් නාවික හමුදාවට අයත් කුඩා යාත්‍රාවකට ද  අලාභ හානි සිදු  වී ඇතැයි නාවික හමුදාව පවසයි.

අනතුරට පත් එම ධීවර යාත්‍රාවේ සිටි  ඉන්දීය ධීවරයින් තිදෙනා (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර මුදාගත් ධීවරයින් විසින් කළ දැනුම් දීමකට අනූව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අනතුර හේතුවෙන් අතුරුදන් වූ ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (13) සමත් විය.

දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත් දේශිය ධිවරයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් නිතරන්තරයෙන් කටයුතු කරන බව නාවික හමුදාව සඳහන් කරයි .

 
(36698)



අදහස් (0)

අනතුරට පත් යාත්‍රාවේ-අත්අඩංගුවටගත් ධීවරයින් ප්‍රාදේශිය ධීවර කාර්යාලවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 583 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site