IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අන්තර්ජාලයේ ඖෂධ වට්ටෝරු භයානකයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමට හැකි බව කියමින් අන්තර්ජාලයේ පළවන ඖෂධ වට්ටෝරු අත්හදාබැලීමෙන් වළකින්නැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම්දීමක් කරයි.

කොවිඩ් වයිරස ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ විවිධ බෙහෙත් වට්ටෝරු සංසරණය වෙමින් පවතින බවත්, එවැනි ආගන්තුක වට්ටෝරු අත්හදා බැලීම තුළින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය.

ආයුර්වේද ඖෂධ සකස් කිරීමේදී යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවත්, උදාහරණයක් ලෙස ශාකයක පොතු යොදාගත යුතු අවස්ථාවක වෙනත් කොටසක් භාවිතා කිරීමෙන් ඖෂධයේ ගුණාත්මකබව නැති වන අතර ශරීරයට අහිතකර සංයෝගයන් පවා ඇතිවිය හැකි බව ඇය සඳහන් කළාය.

මෙම වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධ වර්ග හා ප්‍රතිකර්ම වේ නම් ඒ ගැන ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද නිලධාරීන් මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ලේකම්වරිය කීවාය.

ශරීර ප්‍රතිශත්තිය වර්ධනය උදෙසා දේශීය වෙදකම භාවිත කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් බව ද ඇය පැවසුවාය.

 



අදහස් (1)

අන්තර්ජාලයේ ඖෂධ වට්ටෝරු භයානකයි

Singhe Tuesday, 04 May 2021 12:49 PM

ධම්මික පැණියත් ඇතුළුව?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site