(එම් .සුසිල් ප්‍රියන්ත )
වදවීයාමේ දැඩි තර්ජනයට ලක්වි ඇති ලංකාවේ කරන්දෙණිය හා ඒ අවටට පමනක් ආවේනික විල් මුව වර්ගයේ මුව පැටියකු රැලෙන් අතරමංව කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නාමල් වසන්ත මහතාගේ ගෙවත්තට පැමින සිටියදි අද (27) උදේ අල්ලාගත් බව හික්කඩුව වනජීවි කාර්යාලය කීවේය.
රැලෙන් අතරමංව සිටියදි අල්ලා ගැණුනු මේ විල් මුව පැටියා මාස තුනක් පමණ වයසැති එකකු බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.
අධි සංරක්ෂිත සත්වයකු වන මේ සත්වයා පිලිබදව 1990 දශකයේ පමණ ලංකාවෙන් අසන්නට නොලැබුණු බවත් එහෙත් 2007 වර්ෂයේදී පමණ යලිත් මේ මුව විශේෂය ලංකාවේ සිටින බවට තොරතුරු ලැබුණු බවත් එම ප්‍රකාශකයා කීවේය.
ලපටි කුරුඳු දලු කැමට දැඩි රුචියක් දක්වන මේ මුව වර්ගය කුරුඳු ඉඩම් සිය වාසස්ථානය කරගෙන සිටින බවත් ඒ නිසාම මේ සත්ව විශේෂය කුරුදු ඉඩම් බහුලව තිබෙන කරන්දෙණියේ දක්නට ලැබෙන බවත් ඔහු කීවේය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! හරි හුරතල් මුව පැටියා. දැක්කම හරි ආදරේ හිතෙනවා. මෙයට, විජිත් හෝ පූජා හරබර රසවත් වදන් එකතුකරාවි...
ඔයාව මට ගොඩාක් දැනෙනවා... අහිංසක මුවැත්තියේ... ඔයා කොච්චර දුර හිටියත්, හමුවෙන්න බැරි වුණත්, මට මේ තරම්ම ඔයාව දැනෙන්නේ... අපි කවදාහරි මේ වාගේ මුණ ගැහිලා ඇති... ඔයාව තුරුල් කරන්, ඔයා කෑමට ප්‍රියකරන කුරුඳු දළු ටිකක් කවාගන්න ආසා හිතුණත්, මම ඉන්නේ ගොඩාක් ඈතකයි සුරතල් මුව පැටික්කියේ...
කට ගොඩක් සුවඳ ඇති.... කුරුඳුනේ කන්නේ....
මෙයාලාටම කන්න වෙනමම ප්‍රදේශයක කුරුඳු වවලා හරි මෙයාලව රැකගන්න කටයුතු කරන්න.
විජිත් මහතාගේ, කමෙන්ට් එක කියවද්දී එයට මේ ඌන පුරණයත් එක් කරන්නට සිත් වුණා. අම්මත් සමග සෙල්ලම් කරමින්.. දුව පැන ලෝකය ගැන ඉවෙන් මෙන් ඉගෙන ගන්නා සුන්දර ළමා කාලයේ, මේ අහිංසක මුවැත්තිය මෙන් ජීවත් වූ අහිංසකාවියන් කී දෙනෙක් නම්, මිනිසා නම් කුරිරු මස් වැද්දන්ගේ ගොදුරු බවට පත් වී මෙලොව හැර ගියාද..? නපුරෙකුට අසු නොවී මේ චුට්ටා බේරුණු එක ගැන, සමිත සේනක මහතා සහ විජිත් මහතා සමඟ අපිත් බොහෝ සේ සතුටට පත් වන්නෙමු. පරිසරයට ආදරය කරන මිනිසුන්ගේ සිත්, අතිශයින්ම "සුන්දර " බව අසා ඇත්තෙමි. විජිත් මහතාට මගෙන් මල් මිටක්.!!!
මේ වගේ අහිංසක සත්තුන්ට ගිනි බිඳින අයත් අපේ රටෙත් ඉන්නවනේ...