IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිවේගී මාර්ගයේ වාහන 6ක් ගැටී අයෙක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇතැයි ගැලණිගම පොලිසිය කියයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයද අනතුරට ලක්ව ඇති අතර,  දියණිය සමග මෝටර් රථයේ ගමන්ගත් සේවිකාවක තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
ජීප් රථයක් වම්පස ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, මෝටර් රථයක් එම රථයේ ගැටී ඇත. බත්තරමුල්ලේ සිට කාර්යාල සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ද ගැටී ඉදිරියෙන් වූ මන්ත්‍රී දියණිය ගමන්ගත් මෝටර් රථය පෙරළී ඇත. ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද එහි ගැටී අනතුරට ලක්ව ඇත.
 
මන්ත්‍රී දියණියගේ රිය පෙරළුණු පසු සුළු ගිනිගැනීමක් හටගෙන ඇති අතර, කාර්යාල සේවිකාවන් රැගත් බස් රියේ සේවිකාවන් සතුව තිබූ ජල බෝතල්වලින් ගින්න නිවා දමා ඇත.
 
අනතුරු හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් වාහන විනාඩි කිහිපයක් නතර කර තැබීමට සිදුවූ බව පොලිසිය කියයි.
 
දක්ෂිණ රථවාහන පොලිසිය සහ ගැලණිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (11)

අධිවේගී මාර්ගයේ වාහන 6ක් ගැටී අයෙක් රෝහලේ

Amila Monday, 21 October 2019 07:15 AM

ගැලණිගම හරියේම තමයි වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ සහ වාහන කැඩෙන්නේත්. ඒ හරියේ මොකක් හරි එක්කෝ පාරේ අවුලක් තියෙනවා.. එහෙම නැත්තම් නොපෙනන ගැටලුවක් තියෙනවා.

:       1       18

Banda-KandyMonday, 21 October 2019 09:16 AM

ගැලණිගම, රජුගේ ගැල (කරත්තය) බිඳුණු ගම..

:       0       2

lankaMonday, 21 October 2019 09:58 AM

මන්ත්‍රී දියණියගේ වාහනය පෙරළුණු හේතුව මොකක්ද කියලා තේරෙන්නේ නැහැනේ...

:       0       0

vipula Monday, 21 October 2019 07:17 AM

සුඛෝපභෝගී රථයක් කිව්වේ විට්ස් එකටද?

:       0       122

Ruwan Monday, 21 October 2019 08:55 AM

ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන මේ නිව්ස් එකෙන්ම පේනවා.. ඕන දේ උලුප්පනවා.

:       0       28

නුවර පුරවැසියා Monday, 21 October 2019 08:56 AM

2011 ඉඳන් අධිවේගී මාර්ගයේ? නුවරට, කුරුණෑගලට, දඹුල්ලට අධිවේග මාර්ග කවදා හදාවිද?...

:       0       0

රවින් Monday, 21 October 2019 09:17 AM

පිටරට අධිවේගී මාර්ගවල ඔවැනි නිතර අනතුරු වෙන කොටස් නැවත මුලසිට සකස් කරනවා. බොහෝ වේලාවන්හිදී මාර්ගයේ සමතුලිතබව ඉක්මනින්ම වෙනස් වන අවස්තාවලදී තමයි අනතුරු සිදුවන්නේ.. අනික මෙරට අධිවේගී මාර්ගවල හදිසි අවස්ථා මං තීරුව ඉතා කුඩායි. පොඩ්ඩක් අධිවේගී මාර්ග ඉංජිනේරු උපදෙස් පැතුවානම්? දැනට අධිවේගී මාර්ග උපදේශකයින් ලංකාවේ මාර්ග සකසමින් තිබෙන හෙයින් අමුතුවෙන් පිටරටින් උපදේශකයෝ අවශ්‍ය නොවේ. නැතිනම් කොමිස් කාක්කෝ ටික ඉක්මනින්ම තොල කට ලෙවකන්න පටන්ගනියි.

:       0       4

ලුම්බිණි Monday, 21 October 2019 09:24 AM

මේ පුවතේ මුල් තැන දීලා තියෙන්නේ අනතුරට වඩා මන්ත්‍රී දියණියට... මොකද මන්දා...?

:       0       6

DURANG Monday, 21 October 2019 10:01 AM

ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක් දුන්නොත් කියල වැඩක් නැ. චෝප්පම කර ගන්නවා. පිට රට අධිවේගවල වැහිදින වලදී වාහන එළවන්නේ ආරක්‍ෂිත වයි.

:       4       1

saminda Monday, 21 October 2019 11:27 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ... අපෙන් සල්ලි ගන්නවා විටරයි.

:       0       3

janahitha Monday, 21 October 2019 11:35 AM

මෙම මාර්ගයේ වේගයට සරිලන මන් තීරුවල පළල නැහැ... අපි නඩු පවරමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31169 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13321 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10959 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site