(රංජන් කස්තුරි)
විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට එකම පාසලේ සේවය කළ හැකි උපරිම කාලසීමවක් තිබුණ ද කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක විදුහල්පතිවරියක් එම නීතිය උල්ලංඝණය කරමින් එම පාසලේ රැඳී සිටින බව වාර්තා වේ.
ඇය අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග පවා පිළිනොගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.
සියලුම පාසල් වල සිටින විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වසර 6 කට වරක් මාරුවිය යුතුය.
කොළඹ ජනප්‍රිය පාසල් රැසක විදුහල්පතිවරුන් වසර ගණනාවක් තිස්සේ එකම පාසලේ සේවය කිරිම හේතුවෙන් බරපතල පරිපාලනමය ගැටලු මතුව ඇතැයි වාර්තාවේ.
ඇතැම් විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම් සමඟ එක්ව දැඩි පාලනයක් ගෙන යන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නියෝග හා දැනුම් දීම් පවා නොසළකා කටයුතු කරමින් සිටි බවට ඉකුත් ආණ්ඩු සමයේ චෝදනා එල්ල වී තිබුණු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
COMMENTS
විදුහලට ඉතා හොඳ සේවයක් කරන එතුමියව මාරු කරලා දාන්න තිබෙන අමාරුව කුමක්ද? කාටකාටත් ඕනෑකරලා තිබෙන්නේ, රටේ මහා සම්පත් වන ප්‍රමුඛ පාසල් කාබාසිනියා කරලා දාන්න. ශිෂ්‍යත්වයෙන් සමත් දුප්පත් සිසුන් රැසක් සමාජයේ ස්ථාවර තත්වයකට ගේන්න කැපවුණු ගුරුවරු, විදුහල්පතිවරු මාරු කරන්න පෙර දෙවරක් සිතන්න.
ඒවා අකිලගේ පරණ, බෞද්ධ පාසල් නැති කරන්න ගෙන ආ නීති, ඒ කඩාකප්පල් නීති දැන් වලංගු නෑ.
අකිලගේ ගුරුවරුන් වසර 6කට වරක් මාරුවිය යුතුයි යන නීතියෙන් පාසල්වල අධ්‍යාපනය අවුල් ජාලයක් වුණා..
කවුද ඔය ඔලුව උදුම්මා ගත්තු නෝනා...? සමහරවිට දේශපාලකයෙකුගේ උෂ්ණය ඇඟට ගත්තු කෙනෙක් වගේ...