IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට නොතීසී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්  ජනප්‍රිය සහ ජාතික  පාසල්වලට ඇතුලත් කර ගැනීම සදහා මාර්ගෝපදේශ මාලාවක්  සකස්  කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (10)නොතීසි නිකුත් කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කෙරිණි..

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  පෙත්සම කැඳවිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා   කල මූලික කරුණු  දැක්වීම සලකා බලමින් අධිකරණය මෙම  පෙත්සම විභාග කිරීමට තීරණය කලේය.

2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගෙන සමත් වූ සිසු සිසුවියන් දස දෙනෙකුගේ දෙමව්පියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සදහන් කර ඇත්තේ ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම සදහා කඩ ඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහල දැමීම නිසා  ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වී තිබුණද තම දරුවන්ට ජනප්‍රිය පාසලකට ඇතුලත්  වීමට නොහැකි  වී ඇති බව ය.

එබැවින් ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිය දරුවන්ට  විශාල අසාධාරණයක් සිදු වන බවට ඔවුහු සිය පෙත්සමෙන් කියා සිටිති.
එබැවින්  ශිෂ්‍යත්ව විභාගය සමත්  දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දීමේ විධිමත්ව පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කරන්නැයි  පෙත්සම  මගින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ  ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 

 



අදහස් (2)

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට නොතීසී

MO77 Friday, 10 December 2021 08:40 PM

ලකුණු ඉහළ ගිහිල්ලා තියෙන්නේ දේශපාලනයේ හා අනිත් හොර පාරවල්වලින්... ළමයි ජාතික පාසල්වලට ඇතුළත් කරනවා ශිෂ්‍යත්වයෙන් ගන්න ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙන්නේ... තවදුරටත් කියනවා නම්, ජාතික පාසල් වල 1 වසරට ඉහළ තමයි ප්‍රමාණයක් දැන් ඇතුළත් කරගන්නවා. ඒක නිසා ශිෂ්‍යත්වයෙන් ඇතුළු කර ගන්නා ළමයි ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. යන්න හිතෙන රටක්..., රටකට ගිය කලක්.

:       0       0

චන්දන Saturday, 11 December 2021 08:19 AM

මා දන්නා තරමින් 5 ශිිිිිිිිිෂ්‍යත්ව විභාගය දරුවන්ට ශිෂ්‍යාධාර ගෙවන්නට තෝරා ගන්න විභාගය ක්. අනෙක කඩයිම් ලකුණු දෙන්නෙ පාසල් වල ඇති පුරප්පාඩු ගණන් බලලා මිස ලකුණු කලින් තීරණය වෙන්නේ නැහැ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site