(අජිත්ලාල් ශාන්තඋදය)
විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ජාතික පාසල්වල ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් දී ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කර දැනට ඇති පුරප්පාඩු වහා පිරවූයේ නැතිනම් නේවාසිකාගාර වැසී යාමේ අවදානමක් පවතින බව ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසයි.
පුරප්පාඩු පිරවීමට රජය වහා කටයුතු නොකළේ නම් 8,000ක් පමණ වූ නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර අහිමිවිය හැකි බවද එම සංගමය අවධාරණය කරයි.
ජාතික වැටුප් හා සේවකසංඛ්‍යා කොමිෂන් සභාව සහ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ සඳහා අනුමැතිය දියයුතු බව ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් සහ කැඳවුම්කරුවු ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා පවසයි.
රටපුරා පිහිටි විද්‍යාපීඨ 20ක, ගුරුවිද්‍යාල 4ක සහ ශිෂ්‍ය නේවාසිකාකාර ක‍්‍රියාත්මක ජාතික පාසල්වල ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන් සේවය කරන බව ද විජේසේකර මහතා පැවසුවේය. නිලධාරීන් 406ක අවශ්‍යතාව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ද අනුමත කර ඇතත් දැනට සේවය කරනු ලබන්නේ 170කටත් අඩු ප‍්‍රමාණයක් බවද ඔහු අවධාරණය කරයි.
නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් දැනට සේවයේ නියුතු ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන් පැය 24ම දින හයක් එක දිගට ම සේවය කළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මෙය රාජ්‍ය සේවා කොමිසමේ බඳවා ගැනීමේ පටිපාටියට සම්පූර්ණයෙන් විරුද්ධ බවද ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය අවධාරණය කරයි.
පසුගිය දිනවල විද්‍යාපීඨ සඳහා 2015 සහ 2016 වසරවල උසස්පෙළ සමතුන් අතරින් ගුරු ශිෂ්‍යයින් එකවර බඳවා ගැනීම් නිසා විද්‍යාපීඨවල නේවාසිකාගාරවල ඉන්න නේවාසිකයින් ප‍්‍රමාණය දෙගුණ වූ බවද ලේකම්වරයා කියයි. එහෙත් ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරින් සංඛ්‍යාව එලෙසම පැවතීම නිසා සේවය කරන අය දැඩි පීඩනයකින් සහ විවේකයකින් තොරව රාජකාරී කිරීමට සිදුව ඇති බවද පෙන්වා දෙයි.
ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරින් පැය විසිහතර සේවයේ සිටිය යුතු වුවත් එය සේවා මුර අනුව පැය දොළහෙන් දොළහට මාරුවිය යුතු බවද ලේකම්වරයා කීවේය. එසේම මුල්පැය අට ඉකුත්වූ පසු ඉතිරි සේවා කාලය අතිකාල හිමිවිය යුතුබව සෙන්වාදෙන ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම්වරයා විශේෂ දීමනා හෝ රජයේ නිවාඩු දින වැඩකිරිම වෙනුවෙන් ගෙවන දීමනා හෝ තවම ඔවුන්ට නොගෙවන බව ද කීවේය.
පුරප්පාඩු තනතුරු පුරවන ලෙස කර ඇති නිර්දේශයන් ක‍්‍රියාත්මක නොකර පාසල් සෞඛ්‍ය සහාකාර සහ පාසල් සෞඛ්‍ය සහායක නමින් අනවශ්‍ය තනතුරු දෙකකට සේවකයින් බඳවා ගන්නා බවට වෘත්තිය සංගම් ලේකම්වරයා චෝදනා කරයි.
ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරින් බඳවාගනු ලැබුවේ තරග විභාගයකින් බව කී වෘත්තිය සංගම් ලේකම්වරයා අඩු පඩියකට පැය විසිහතරක් සේවය කරන්නට සිදුවීම නිසා බොහෝ දෙනෙකු මෙම තනතුරු දෙකේ සේවය නොකර සේවයෙන් ඉවත්ව යන බවද සඳහන් කළේය.
මේ තත්ත්වයන් හමුවේ විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ජාතික පාසල්වල ශිෂ්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යාමේ ගැටලු මතුවෙමින් පවතින නිසා අමාත්‍යාංශ මට්ටමින් දී ඇති නිර්දේශයන් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් සහ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවද ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් සහ කැඳවුම්කරුවු ඒ.කේ.ඩබ්. විජේසේකර මහතා අවධාරණය කරයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගෙන් අනතුරු ඇඟවීමක්