IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අධිකරණය අසලදී වාසුදේවට හූ තබති

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ) 
 
රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට පැමිණ පිටව යද්දී පිරිසක් අද හූ තැබූහ.

 
ඒ මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් ලබා  දෙමින් ‘ජනාධිපතිතුමාට විධායක බලයට අමතරව ජනවාගේ බලයකුත් තිබෙන බව මතක තියා ගන්න.‘‘  පවසා පිටව යන්නට උත්සාහ කරද්දී පිරිස හූ තැබූහ.
 
‘අඩෝ හූ කියන්න? හූ කිව්වේ කවුද?‘ යැයි විමසමින් වාසුදේව මහතා ඒ දෙසට වේගයෙන් යන්නට වූහ. එවිට පිරිස ‘වට්ටක්කා ලාබයි‘ ආදී දෑ කියමින් ඇමැතිවරයාට උසුලු විසුළු කළහ.  
 
ඇමැතිවරයා - ‘හූ කියන්න මෙහෙට වරෙං‘
 
පුද්ගලයෙක් - අධිකරණය මේ.
 
ඇමැතිවරයා - අධිකරණය තමයි. උඹට කලින් මං අධිකරණයට ආවේ. අධිකරණයට ඇවිත් මුන්ට පුලුවන්ද මෙහෙම හැසිරෙන්න.
 
පුද්ගලයෙක් - පාර්ලිමේන්තුවේ දී  එතුමට නොසරුප් වචන කියන්න පුලුවන් නම් හූ කිව්වාම මොකද වෙන්නේ.
 
ඡායාරූප - ලහිරු හර්ෂණ

 



අදහස් (13)

අධිකරණය අසලදී වාසුදේවට හූ තබති

sandy123 Monday, 12 November 2018 03:23 PM

වාමාංශිකයෙක්ගේ හැදියාව...

:       0       1

Hafeel Monday, 12 November 2018 04:28 PM

අනේ පව්... වයසේ දෝෂය. ගෙදර ඉඳන් විශ්‍රාම ජීවිත ගත කරන කාලයේ තවත් පවුලක් සතුටු කරන්න ගිහින් පීචං වෙනවා.

:       0       0

akila Monday, 12 November 2018 04:43 PM

අප්පච්චි මෙයාගේ ලැජ්ජා, බය නැතිකරලා තියෙන්නේ දැන්...

:       0       0

jim k Monday, 12 November 2018 06:34 PM

තව ඉදිරියට ගුටි කන්නත් වෙයි. තවදේවල් කන්න පුළුවන්... දැන් ගෙදර ඉන්න කලේ හරි... විග්නේශ්වරන් උසිගන්නන්නේ මෙයා තමයි.

:       0       0

gamage Monday, 12 November 2018 07:50 PM

මෙයාගේ ළමයි ඔක්කොම ඉන්නේ ඇමෙරිකාවේ .. ඒ වුණාට මේ පුද්ගලයා සමසමාජ නැත්නම් කොමියුනිස්ට් ...

:       0       0

nimal Monday, 12 November 2018 10:46 PM

මෙයට හූ කියන්න එපා...

:       0       0

rocky Tuesday, 13 November 2018 03:02 AM

ෂාහ්! මම ඔතන හිටිය නම් මමත් හොඳ හූවක් දානවා..... හූ කියන්නේ නැති කටවල් මොකටද?

:       0       0

සමරසේකර Tuesday, 13 November 2018 05:59 AM

කවුද මට හූ කිව්වේ........... මම රාජ්‍ය භාෂා ඇමති ....

:       56       130

upul Tuesday, 13 November 2018 06:00 AM

දේශපානයේ ප්‍රතිරූපය...

:       36       94

Hafeel Tuesday, 13 November 2018 06:51 AM

අනේ අපෝ වයසේ දෝෂය. ගෙදරට වෙලා හොඳට විශ්‍රාම ජීවිත් ගත කරන මොහොතේ නිකන් පීචං වෙනවා.

:       43       158

liyanage Tuesday, 13 November 2018 07:04 AM

මිනිස්සු ..දේශපාලකයන්ට හූ හූ ...කියලා නතර වුනොත් ඇති ....ඊට එහා ගිහින් ගහල එලවන්නේ නැතිව..

:       0       0

aj Tuesday, 13 November 2018 07:41 AM

මේ වගේ අයට අසුචි ගහන්න ඕනි.

:       0       0

isurandi Tuesday, 13 November 2018 08:07 AM

දේශපාලකයට තියෙන ගරු සැලකිලි මෙයින්ම වටහාගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 956 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1020 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site