IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිකරණයෙන් බුවනෙක හෝටලයේ ලිපිගොනු ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඩෝසර් කර විනාශ කරන ලද බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැළකෙන ගොඩනැඟිල්ල පිහිටි පරිශ්‍රයේ පවත්වාගෙන යන ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අද (28) නියම කළේය.

මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකයට හා පෞරාණික කාණු පද්ධතියට විනාශ කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර රැස්වීම් වලට අදාළ වාර්තා අවශ්‍ය වී අතැයි කියමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාටද වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙෂ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාටද නියම කර ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකයට හා පෞරාණික කාණු පද්ධතියට විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන  අංශය  විසින් විමර්ශන ආරම්භ කොට ඇත.

කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව එම නඩුව කැඳවන ලදී.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා අවශ්‍ය වී ඇතැයි පැවසීය.

එහෙයින් ‘බුවනෙක හෝටලය’ ගොඩනැඟිල්ලේ කටයුතු වලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාටද වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාටද නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය.



අදහස් (0)

අධිකරණයෙන් බුවනෙක හෝටලයේ ලිපිගොනු ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site