(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණු ජාතික සමගි රජය යටතේ ලබන වසරේ පෙබරවාරි අග ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ජනතා සහන රැසක් ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අයවැය ලේඛනය ඉකුත් නොවැම්බර් 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔක්තෝබර් 26 වැනි දා සිට ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද මහ ලේකම්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරු සම්මත ගිණුම සිකුරාදා පාර්ලිමේන්තුවට