(අජන්ත කුමාර අගලකඩ)
ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ඒ අනුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ අතර වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්ද අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව වාර්තා වේ.
COMMENTS
කොටි නිදහස් කරනවද?
S 48 (2) අනුව අපේ රටේ දැන් අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නෑ
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වේවි එහෙනම්.
තවම පාර්ලිමේන්තුව තියාගන්නවත් බැරිවුනා නේද ? පාරේ ඉඳලද ඕක සම්මත කරගන්නේ ?
වැඩක් නොකරන රජයකින් වැඩක් තිබේද? නිකන් සල්ලි වියදම් නොකර මේ 225 ට කියන්න රස්සාවක් හොයාගන්න කියලා. මෙයාලගේ නාඩගම් පත්තරවලිනුයි TV චැනල්වලිනුයි පෙන්නන එක අයින් කළාම නිකම්ම හරියයි.
අලි බබා සහ හොරු හතලිහ හොරාකන්නේ ඒ අයම අනුමත කරගත් ක්‍රමවේදයකට තමයි. හොර තක්කඩි කොල්ල කල්ලිය !!!
බහුතරය බලන්න හොඳ අවසථාවක් .
නීත්‍යනුකුල නොවන රජයක් අතුරු සම්මත ගිණුම් යෝජනාවක් ගෙනෙන්නේ කොහොමද ?
ජනාධිපති අගමැති දෙන්නම වංචාව කරන්නේ.
හොර කැබිනට් වලටත් අතුරු සම්මත ගිණුම් සම්මත කර ගන්න පුලුවන්ද ? අපිටත් බැරිද මන්ද ?
කට්ටියම එකතුවෙලා රට අනුභව කරන්න එපා අනේ. තව පස්සේ එන අයටත් කන්න ඉතුරු කරන්න. අපි සීනිවලින් පාන් වලින් බදු ගෙවල කොහොම හරි ඔහෙලගෙ අතුරු මිතුරු ගිණුම් පියවන්නම්කො.
මෙය කෙසේ හෝ උත්තරීතර පාර්ලිමේන්තුවට යොමු කොට එයින් වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි .
කියනවා විතරයි කරන්නේ නැහැ..