(බිඟුන් මේනක ගමගේ)
අධ්‍යාපන අමාත්‍යංශය සකස් කළ ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනාව ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කරන්නැයි වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් වෘත්තිය සමිති 27 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
යෝජනාවට අදාළ තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට ලබා දී ඇතැයි ද මෙම යෝජනාවට ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකඟතාව ලැබී ඇතැයි ද එම වෘත්තිය සමිති පවසයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමඟ කළ සාකච්ඡාවේදී මෙම යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම හෙට(20) රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට තවකල් තිබෙනවා. ටිකක් ඉවසන්න.
සතුටු දායකයි.