IMG-LOGO

අතුරුදන් වූවන් ගැන විමර්ශන කඩිනම් කරන්න මණ්ඩල 25ක්

(ඩයනා උදයංගනී)

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදන්වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇති බවත්, ඇතැම් පැමිණිල් 1988 ටත් පෙර සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එම පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම කඩිනම් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දු වන සිවිල් සංවිධාන මෙම තීරණය අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඇමතිවරයා පැවසීය.



අදහස් (1)

අතුරුදන් වූවන් ගැන විමර්ශන කඩිනම් කරන්න මණ්ඩල 25ක්

Bamunuarachchi Wednesday, 09 March 2022 10:52 AM

මොවුන් LTTE ත්‍රස්තයින්. වෙඩි කාලා මැරුණා ,අනික් එවුන් රටින් පැන්නා . මොවුන් සොයන්න කාලය, මුදල් කා දමන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site