IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කරයි

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (5) පස්වරුවේ පැවසීය.

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්ය බාරය අවශ්‍ය නොවන බව රජය තීරණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසුවේ එම නීතිය රජය මාසයකට පමණක් සම්මත කළ එකක් බවය.

කොරෝනා පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ, ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය සහ වතුර බෝතල්වලට පනවා ඇති පාලන මිල හතර පමණක් මේ වන විට පවතින බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සීනි කිලෝවක් රුපියල් 150 ට වැඩියෙන් මොනම ආකාරයකටවත් විකිණීමට නොදෙන බව ද සඳහන් කළේය.

සීනි කිලෝවක් රුපියල් 138 කට තොග නිකුත් කර රුපියල් 145 ත් 150 ත් අතර සිල්ලර අළෙවි වන බවත් ඊට වඩා වැඩියෙන් සීනි අළෙවි කරන්නේ නම් පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවත් අමාත්‍ය අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කොළඹදී අද (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා කටයුතු කළේය.



අදහස් (9)

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන් කරයි

අගුපිලගේ Friday, 05 November 2021 08:39 PM

රටේ සිදුවන සිද්ධි අනුව පාරිභෝගික ඇමති කෙනෙක් හා වෙළඳ ඇමතියෙකුත් අවශ්‍ය නැහැ නේද ජනතා මුදල් කාබාසිනියා නොකර යන්නකෝ.

:       0       1

Soma dubayi Friday, 05 November 2021 08:51 PM

අතවශ්‍ය සේවා කොමසාරිස්තුමා හොඳ සේවාවක් ඉටු කළා. ඇමතිතුමාගේ අදහස හොඳයි.

:       0       3

dhamneth Friday, 05 November 2021 08:55 PM

ඊළඟ ගැසට් එකෙන් අමතිදුර දෙකත් අහෝසි කලානම් රජයට මාසෙකට ලොකු ගානක් ඉතුරුකරගන්න පුළුවන්.

:       0       9

swene Saturday, 06 November 2021 05:46 AM

දිනෙන් දින විකිණිය හැකි උපරිම මිල ඉහල දැමීමෙන් ඊට වඩා වැඩි මිලට විකිණිය නොහැකි බව කීමෙන් පාරිභෝගිකයාට ඇති පලය කියන්න. ඔබ තුමාගේ විතරක් නෙවෙයි, ඔය තියෙන අමාත්‍යාංශ විසුරුවා හැරලා ඒවාට යන වියදම පාරිභෝගිකයා ට දීමෙන් විශාල සහනයක් දිය හැකි වේවි.

:       0       6

Perera Saturday, 06 November 2021 07:41 AM

ඇමතිලා දෙන්නගේ සේවයත් අවසන් කලානම්.

:       0       8

saman Saturday, 06 November 2021 08:08 AM

ගානට වැඩේ දෙන්නයි යන්නේ දුප්පත් මිනිස්සු මේ රට හැර කොහේ යන්ඩ පුළුවන් අයද.?

:       0       6

Jana Saturday, 06 November 2021 08:19 AM

පාරිභෝගිකයා ආරක්ෂා නොකරන ඇමතිතුමාගේ සේවයත් අවසන් කළා නම් රටට තවත් අර්ථික වශයෙන් සහනයක් ලැබේවි.

:       0       9

Sunil Saturday, 06 November 2021 09:28 AM

නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. අතවශ්‍ය භාණ්ඩ වල හිගය තවමත් පවතී.

:       0       9

මුදියන්සේ, Saturday, 06 November 2021 02:01 PM

ව්‍යාපාරිකයින් ආරක්ෂක්ෂා කිරීමේ රාජ්‍ය අමාත්‍ය වරයාණෙනි.., අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්ගෙන් සිදු වූ කාර්ය භාරය කුමක්ද? අපිට දකින්න ලැබුනේ සතොස ලොරි විශාල ප්‍රමාණයක් පොලොන්නරුව දිහාවට ගිහින් ලොරි පහක පමණ වී රැගෙන ආ ආකාරයක් පමණි. මෙම කොමසාරිස් ජනරාල් සඳහා වැය කළ මුදලත් ජනතාවගේ මුදල් අපතේ යාමකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site