IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් වහාම ගෙන්වයි

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් පමණ වේ.

මෙරට ප්‍රධාන වශයෙන් ඖෂධ සපයන ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලට ගොස් මෙම ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ එම ඖෂධ මිලදී ගැනෙනු ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය  අමාත්‍යාංශය රජයේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරී කණ්ඩායමක්ද පිටත් කර යැවීමට නියමිතය.

මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිලදී ගැනීම් යටතේ වුවද මෙම ඖෂධ මිලදී ගැනීමට දින 60 ක් 90 ක් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධ රාජයේ ඖෂධ සංස්ථාව හරහා ගෙන්වා ගැනීමට ගියවසරේ රුපියල් කෝටි 4100 ක පමණ ඇණවුම් නිකුත් කර ඇතැත් ඖෂධ සංස්ථාවට ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 2500 ක පමණ මුදලක් බවද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.

රාජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතික අතර ගිය වසරේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් ලෙස නොලැබීම මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි ඇමැතිවරිය පෙන්වා දී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හිඟ ඖෂධ වර්ග 310 ක් හදිසි මිලදී ගැනීම් යටතේ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

 

 

 

 



අදහස් (7)

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් වහාම ගෙන්වයි

සඳුන් Monday, 24 February 2020 05:13 PM

මේ ඖෂධ හිඟය ගැන, ඇමරිකන් ගිවිසුම ගැන මෑත කාලයේ ජී.එම්.ඕ.ඕ එකෙන් දැනුවත් කිරීම හොඳටම මදි. දැන් කිරිපිටි පාවිච්චිය නම් අතහැරියා.

:       0       31

chandima Monday, 24 February 2020 08:01 PM

ඔය ඖෂධ ගෙනෙන්නනම් කවුරු යැව්වත් අර සුවපති ගියා වගේම තමයි. බෙහෙත් සමාගම් කියන්නේ බස් සමාගම් වල කපපු පාලුවක්. මුළු ලංකාවේම මිනිස්සු එකටම යැවුවොත් නම් ස්ථීරෙටම හොර බොරු වංචා නැතුව වැඩේ කෙරෙයි.

:       0       16

denin Tuesday, 25 February 2020 12:29 AM

බංගලා දේශයෙනුත් ඖෂධ ගේනවා කිව්වහම අපි රට දියුණු කළා කියල වේදිකාවල බෙරිහන්දෙන අයට මොනවද හිතෙන්නේ? තව ටිකකලකින් අපි මාලදිවයිනෙන් ඖෂධ ගේනවා කියාවි.

:       0       25

jayath Tuesday, 25 February 2020 03:43 AM

මරු. හැමදාම උනේ මේවයින් කාගේ හරි කරලා පෑහෙන එක තමයි -හදිසි විදුලිය මිලදී ගැනීම් -හදිසි බෙහෙත් මිලදී ගැනීම්. අපි නොදන්නා චෙස්. මම එකක් කියන්නම් බන්ගලිදේශේ කියන්නේ මොන රටක්ද ? හැබැයි ඒ අය බෙහෙත් හදනවා විතරක් නෙමේ අපටත් එවනවා. විදේශ ආයෝජකයෝ දැන් මෙහාට එන්නේ නැහැ. එහාට යන්නේ - අනික මේ ඔක්කොම වගේ නෙමේ පරිසර සංරක්ෂණය අතිනුත් ලෝකෙන් ඉදිරියෙන් ඉන්නේ -ඒ විතරක් නෙමේ ක්‍රිකට් වලින් ? කවදා හරි එයාලා අපි පහුකරනවා සත්තයි.

:       0       54

සුරංගTuesday, 25 February 2020 09:02 AM

ලංකාව පාස් කරල ඉවරයි. අපේ හරක් තම තමන් කැමති එකාට හොරා කන්න පිල් දෙකකට වෙලා පොරකනවා. ආයෝජකයන්ගෙන් කොමිස් ඉල්ලනවා. ඔය පක්ෂ දෙකම නැතුව, ටීවී පත්තර වල බොරු වලට අහු වෙන්නෙ නැතුව වෙන පක්ෂයකට අවුරුදු පහක් දීල බලන්න. මේ අය කරන්නේ හොඳට හොරා කාලා ඒ සල්ලි ටීවී පත්තර වලටත් විසි කරන එක. ඉතිං ඒවා ඇත්තක් මිනිස්සුන්ට කියාවිද?

:       0       37

athura Tuesday, 25 February 2020 03:54 AM

ඡන්දෙට වියදම් කරන්නත් සල්ලි කීයක් හරි හොයාගන්න නියම අවස්ථාව.

:       2       233

Nandalal DE SILVA - France Tuesday, 25 February 2020 06:35 PM

ඉතින් නෝනෝ, ඒක බලාගන්නනේ ඔහේට සෞඛ්‍ය ඇමතිකම වැනි වැදගත් ඇමති පට්ටමක් රාජපක්ෂ සහෝදරයන් බාර දුන්නේ... දැන් ඉතින් වෙන අයට දොස් පවරා, ඇඟ බේරාගන්න සූදානම් නොවී, බාරදීපු වැඩේ හරියට කරලා මහජනයාට ගුණවත් සෞඛ්‍ය සේවයක ලබාදෙන්න කටයුතු කරන්න. වැඩියෙන්ම කයිවාරු ගහන අයම තමා අඩුවෙන්ම වැඩ කරන්නේ කියල මගේ සීයා කියන උපදේශය ඔබටත් බලපාන වග පේනවා...!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

දියත

ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක්
2025 මාර්තු මස 26 89 0

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.


යුද්ධයේ වගකීම මහින්ද බාර ගනී
2025 මාර්තු මස 26 321 0

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජ


’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’
2025 මාර්තු මස 26 213 1

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්


පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා
2025 මාර්තු මස 26 9 0

පාසල් ශිෂ්‍යයකු පැදවූ ත්‍රී රෝද රථයකට වතුපිටිවල නගරයේ දී අද (26) පස්වරු 1.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනකු යට වීමෙන් තුවාල වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ


දේශබන්දු නෙරපන දිනය කියයි
2025 මාර්තු මස 26 780 1

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද
2025 මාර්තු මස 26 902 5

හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 368 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 632 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1300 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site