IMG-LOGO

අත්‍යවශ්‍ය ආහාර නොමැතිවේ යැයි අනියත බියක් ඇතිකරගන්න එපා

(නාලක සංජීව දහනායක)

රජයේ හා සතොස ආහාර ගබඩාවල අත්‍යාවශ්‍ය ආහාර සංචිත මාස කිහිපයකට සරිලන ලෙසට ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර සදහා කිසිඳු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුබසාන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 

සියලු ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළු ලොරි දැනටමත් දිවයිනපුරා පිටත්කර යවා ඇති බවද අමාත්‍යංශය සදහන් කරයි.
 
එමෙන්ම ජාතික පශූ සම්පත් මණ්ඩලය සතු වතුවල පොල් අස්වැන්න අද  (24) සිට සාධාරණ මුදලකට අළවිකිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
 
නිවාස සංකීර්ණ හා ජනතාව වැඩි වශයෙන් පදිංචි වීදීවල රුපියල් 500 හා 1000 වටිනාකමින් යුතු භාණ්ඩ වර්ග කිහිපයකින් යුතු පාර්සල් සිවිල් ආරක්‍ෂක බලකායේ සහය ඇතිව අළවිකිරීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ.
 
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ පරිභෝජන කටයුතු සදහා සහය වන ලෙසට අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමක් අනුව ප්‍රීමා ලංකා සමාගම විසින් තිරිඟුපිටි මෙට්ට්‍රික් ටොන් 200, කුකුල් මස් ටොන් 20, සොසේජස් ටොන් 2 ක්, බිත්තර ලක්‍ෂයක් සහ යෝගට් 5000ක් යුද හමුදාවට පරිත්‍යාග කළ බවද අමාත්‍යංශය සදහන් කරයි.



අදහස් (1)

අත්‍යවශ්‍ය ආහාර නොමැතිවේ යැයි අනියත බියක් ඇතිකරගන්න එපා

විමල් Tuesday, 24 March 2020 12:18 PM

අඳුරු නීතිය පැනවීමට පෙරත් මෙහෙම කිව්වා. එනිසා ජනතාව ඒක විශ්වාස කරලා බඩු ගත්තේ නැහැ. ජනතාවට ඇත්තම කියලා සති දෙකක් ඇඳිරි නීතිය පනවනවා. අවශ්‍ය බඩු රැස්කර ගන්න කිව්වා නම් ඇඳිරි නීතිය ඉවත් නොකර දිගටම නිරෝධායනය කරන්න තිබුණා. රෝගය පැතිරීමත් අඩුකර ගන්න තිබුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 131 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site