IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අත්පත්‍රිකා බෙදන්න යායුත්තේ උපරිම 11 යි

(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ප්‍රවර්ධන කිරීම සඳහා නිවෙස් වෙත ගොස්  අත්පති‍්‍රකා බෙදාදීමට උපරිම ආධාරකරුවන් 11 දෙනෙක් පමණක් යායුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පවසයි.

මෙලෙස නිවෙස් වෙත ගමන් ගන්නා  පිරිස්   ඔවුන් රැගෙන යන අත්පති‍්‍රකා  ඡයාරූප ආදිය මාර්ගයේ ප්‍රදර්ශනය කිරීම, ගීත වාදනය කිරීම් හා රතිඤ්ඤා දැල්වීමද තහනම් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එම බෙදන අත්පත්‍රිකා වල මුද්‍රණකරුගේ නමද සඳහන් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

නිවෙස් වලට යාමේ දී  නියමිත පිරිසට වඩා  පිරිසක් ගමන් ගන්නේනම් එය නීති විරෝධී පෙළපාලියක්  බවට පත්වන බව පැවසූ රුවන් ගුණසේකර මහතා  එම  නීතියට අනුව ක්‍රියා නොකරන පිරිසට එරෙහිව මැතිවරණ  පනත ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

 

 

 

 



අදහස් (5)

අත්පත්‍රිකා බෙදන්න යායුත්තේ උපරිම 11 යි

විනිවිද Thursday, 07 November 2019 05:32 PM

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා 2014 ජනාධිපතිවරණය සමයේත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විය. නමුත් මෙවැනි තීන්දු ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයට නොහැකිවූයේ එදා තිබුණු රජයෙන් බලපෑම් තිබෙන්නට ඇති නිසාවෙනි. නමුත් අද පොලිසිය ස්වාධීන ආයතනයක් බව ඔහුගේ ප්‍රකාශවලින්ම පෙනෙන්නට තිබේ. එදා මෙන් නොව අද පොලිසියට කොන්දක් ඇතිව සේවය කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය රජයේ ආරක්ෂක ලේකම් අද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව තිබේ. නමුත් එදා ඔහුගේ සහෝදරයා ජනාධිපති තනතුරේ සිටි විට උසස් පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් කතාකළ ආකාරය ගැන අද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව ඇති ඔහුව ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන් දකින විට ඔහුට කෙසේ දැනේවිද? පොලිස් නිලධාරීන් ඔහු ගැන මොනවා සිතනවා ඇතිද?

:       1       3

Bamunuarachchi Friday, 08 November 2019 02:53 AM

මගේ ගෙදරට ජෙප්පෝ ආවේ 4 දෙනයි ඔවුනට මම කෙලින්ම කීවා මම ජේවීපියට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. එජාපෙන් ආවේ සමෘධි මහත්වරු 5 දෙනෙක් පමණ. ඔවුන් කීවා එක ඡන්දයක් හරි එයාලගේ හාදයාට දෙන්න කියලා. කියලා හැරෙන්න කලින් උන් දීපු කොලටික ඉරලා දැම්ම. ඝෝඨාභය මහතාගේ පැත්තෙන් ආවේ 3 දෙනයි. ඔවුන්ව සිනහ මුසු මුහුණින් පිළිගත්තා.

:       118       106

BamunuarachchiFriday, 08 November 2019 06:53 AM

ඔක්කොටොම හපන් වැහිදාට ගෙම්බන්ගෙන් තියන කරදරේ.

:       0       15

wedage Friday, 08 November 2019 03:42 AM

එකොළහේ ඒවා හතරක් පහක් වෙන වෙනම එන්න පුලුවන් නේ

:       0       21

Nimal Friday, 08 November 2019 04:06 AM

ඊයේ දවසේ සජිත් මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදන්න මගේ ගෙදරට ආවේනම් එක්කෙනයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 739 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 899 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 373 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site