(ජයන්ත සමරකෝන්)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබූ ජංගම දුරකථන 4ක් සහ සුරුට්ටු මිටි 21ක් අත්අඩංගුවට ගත් බවත්, ඒවා බන්ධනාගාරයට ගෙනයාමට උපකාර කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් රඳවා සිටින බී වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබී මෙම ජංගම දුරකථන සහ සුරුට්ටු මිටි සොයාගෙන ඇත.
බන්ධනාගාර අණ දෙන නිලධාරියා ද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.
බන්ධනාගාර නිලධාරීන් ලද තොරතුරකට අනුව බී වාට්ටුව ඉදිරිපිට භූමිය පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය තොගය හමුවී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර අවන්හලේ රාජකාරි කටයුතු කරන නිලධාරීන් තිදෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එම තිදෙනාගේ වැඩ තහනම් කිරීමේ සූදානමක් ඇතැයිද, හෙට(09) බන්ධනාගාර අමාත්‍යංශය වෙත මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් භාරදීමට නියමිත බවද එහි උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් දුරකථන - සුරුට්ටු මිටි සොයාගනී
thushara Tuesday, 09 July 2019 05:02 AM
මෙවැනි ක්‍රියා කරන පුද්ගලයන් ස්ථාන මාරු කිරීමෙන් පලක් නැහැ. මොකද වෙන තැනකට ගියත් මේ උදවිය එම ස්ථානයටත් මෙම විෂ බිජය ඇතුල් කරනවා. ඒක නිසා මේවට සම්බන්ද සියලුම දෙනාගේම වැඩ තහනම් කර ගෙදර යැවිය යුතුය.