IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මමයි‘


(බිඟුන් මේනක ගමගේ)
 
අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 26 වැනිදා වනවිට සේවය කරන ලද ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරින් සියලුම දෙනා නැවත එයට අනුයුක්ත කර නැවත කැඳවන ලද සිය කාර්ය මණ්ඩලය හා පහසුකම් ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතාට ලිපියක් යොමු කර ඇත.
 
ඔහු මෙම ලිපියට අස්සන යොදා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය යන නාමයෙනි.
 
කතානායක කරු ජයසූරිය මහතා විසින් නොවැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකි වනතුරු පැරැණි තත්ත්වය බලාත්මක වන බැවින් මෙම ඉල්ලීම කරන බව රත්නායක මහතා එහි සඳහන් කර ඇත.
 
ඒ අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙහි කටයුතු කරන බව අගමැති ලේකම්වරයාට දන්වන බව ද රත්නායක මහතා සිය ලිපියෙන් පවසයි.
 
 එම ලිපිය පහත දැක්වේ



අදහස් (8)

‘අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී මමයි‘

බලය Wednesday, 07 November 2018 06:42 AM

කතා නායක බලය පාර්ලිමේන්තුවේ පමණයි...

:       0       0

silva Wednesday, 07 November 2018 07:10 AM

දැන් බලාගෙන යනකොට රජුන් තනන්නා වෙන්නේ කතානායක. ඒ අනුව කතානායක තනතුර තවදුරටත් ස්වාධීන නැහැ.

:       178       163

laksman Wednesday, 07 November 2018 07:42 AM

රනිල් මැතිතුමාට තනතුර අහිමිවුනේ ඔබ වැනි අය නිසා.මන්ත්‍රීකමයි ඇමතිකමයි තියාගෙන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි තනතුරක් හරියට කරන්න බැහැ. එනිසා වුණේ අගමැතිතුමාගේ වැඩකටයුතු අතපසුවීම. තනතුර අහිමිවීම. වහාම ඔය කියන තනතුරෙන් අයින්වෙන්න

:       76       142

DD Wednesday, 07 November 2018 07:59 AM

මේ සියල්ලටම බලය නැතිවීමේ විස්සෝපයෙන් මොලේ කොලොප්පම්!

:       122       169

Keppetipola Wednesday, 07 November 2018 08:02 AM

රටට ඉදිරි පරම්පරාවක් ඉතුරු කරන්නේ නැතිව රට විනාශ කරන්න හැදුවේ.

:       52       111

Ruwan Wednesday, 07 November 2018 11:25 AM

දැන් මැති ඇමතිවරු පත්කරන්නෙයි අස් කරන්නෙයි කතානායකද? ජනාධිපතිද? ..

:       0       0

Aruna Wednesday, 07 November 2018 12:42 PM

ඔබ දැන් ඕව කරාට වැඩක් නැහැ. අනික කතානායකට රට ගැන නියෝග දෙන්න බලයක් නැහැ. ඒක තියෙන්නේ ජනාධිපතිට.

:       5       0

Bamunuarachchi Thursday, 08 November 2018 04:53 AM

ජනාධිපතිත් මමයි කියලා හිතා ගන්නකො. අපිට මොකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site