IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට


 
(තරිඳු ජයවර්ධන)
 
ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබේ.
 
මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කරයි.
                                                                                                             
 
නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව බාර දී තිබේ.
 
න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාව පහත දැක්වේ.

 



අදහස් (10)

අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

Chathura Wednesday, 21 November 2018 09:08 AM

වැඩක් වෙයිද? සිරි එ්කටත් ගැටයක් ගහයි හිටන් නේද?

:       34       151

මරුසිරා Thursday, 22 November 2018 03:55 AM

අගමැතිගේ ශීර්ෂය විතරක් නෙවෙයි ජනාධිපතිගේ ශිර්ෂයත් කපා හරිය යුතුයි.

:       0       0

Sumith Wednesday, 21 November 2018 10:02 AM

අවුරුදු තුනක් ගෙවුන කරපු දෙයක් නැහැ. දැන්වත් ජනතාවට සහන දෙන්න

:       36       482

daya Wednesday, 21 November 2018 10:25 AM

දැන් තියෙන්නෙ බල රහිත ආණ්ඩුවක් නම් ආයිත් යෝජනා සම්මත කර ගන්න දඟලන්නෙ මොකටද?

:       27       12

Sumith Wednesday, 21 November 2018 11:25 AM

අවුරුදු තුන ජනතාවට දුන්නු සහන නැහැ. හැමදේකටම වැට් ගැහුවා. දැන් ගොරවන්නේ ඇයි?

:       1       7

Sumith Wednesday, 21 November 2018 11:30 AM

ජනතාවට... 2015-2018 වෙනකම් විනකළා... ජනතාව බලාගෙන ඉන්නේ කව්ද හරි කියලා...

:       1       21

Sumith Wednesday, 21 November 2018 11:35 AM

මේවා අහන සුද්දෝ හිනාවෙනවා ඇති...

:       0       2

Appuhami Wednesday, 21 November 2018 10:34 PM

මහබැංකුව හොරාකාපු එකම මදිද? තව තියෙනවා ගොඩක් සහන..

:       0       0

Chanak Los angeles Thursday, 22 November 2018 02:50 AM

අනේ කාලේ වනේ වාසේ ...

:       0       0

Senaka Thursday, 22 November 2018 02:56 AM

ටැක්සස් නැතිව රජය යන්නේ කොහොමද? වහලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site