IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැති ලේකම්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි

(තිළිණි ද සිල්වා)

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම කොමිසන් සභාව විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව ලබන 27 වැනිදා පෙරවරු 09.00 ට එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා ඇත.

අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට එම පැමිණිලි විභාගයේදී කොමිසම හමුවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුළත් කරුණු හා ඊට අදාළ ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 



අදහස් (2)

අගමැති ලේකම්ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි

Amila Friday, 23 August 2019 12:40 PM

ඊළඟ රජයක් යටතේ ජනාධිපති කොමිසම් ගැනද පරීක්ෂණයක් කළයුතුයි. මොකද මහජන මුදල් නාස්තිකරමින් මේ තාක් පත්කරපු කිසිම කමිටුවකින් මෙලෝ දෙයක් කරලා නෑ. කොමිසම්වලින් මහ බැංකු හොරු ඇල්ලුවේත් නෑ, ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවේත් නෑ.

:       0       56

Chanak los angelesSaturday, 24 August 2019 09:40 PM

එකනේ මම නිතරම කියන්නේ ජනපති කොමිසම යනු වැරදි ටික වහගන්න ජනතාව ගොනාට අන්දවන රජයේ මුදල් ගිලින සුදු අලියෙක් කියලා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site