IMG-LOGO

අගමැති බහුතරය පෙන්විය යුතු යැයි ව්‍යවස්ථාවේ නෑ - දිනේෂ්

(නාලක සංජීව දහනායක)

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පැවසීය.

මේ මොහොතේ බහුතර බලය නව රජය සතුව පවතින බැවින් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳව කිසිඳු ප‍්‍රශ්නයක් නැතැයිද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

      ‘‘පාර්ලිමේන්තුව කල්දැමූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. සෑම ජනාධිපතිවරයකුම පාර්ලිමේන්තුව කල් දැම්මා. බහුතර බලය නැතිව 1960 දී ඩඞ්ලි සේනානායක මහතාත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කාතාකරන කවුරුත් ඒ ඉතිහාසය නැවත කියවිය යුතුයි. කවුරුන් කුමක් කීවත් මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අපිටයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113 ක බහුතර බලය පෙන්විය යුතු යැයි ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වර්තමාන කතානායකවරයා ගණන් දන්නේ නැහැ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පිළිගත් පසුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව නව අගමැතිවරයා තමන්ට නියමිත අසුනේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වෙනවා. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟන් සියලුම දෙනාටම සහන රැසක් ලැබෙනවා.

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (07)  වැඩබාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (12)

අගමැති බහුතරය පෙන්විය යුතු යැයි ව්‍යවස්ථාවේ නෑ - දිනේෂ්

dias Wednesday, 07 November 2018 12:26 PM

එදා තිබුන සදාචාරාත්මක දේශපාලනය අද නැති බැවින් ඉතිහාසය නැවත කියවිය යුතු නැහැ. අද තියෙන දේශපාලනයට ගැලපෙන පරිදි අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරක් ඇති තැනැත්තා පමණයි.

:       134       536

කයිවාරු සයිමන් Wednesday, 07 November 2018 12:31 PM

හිතුනම තලගොයා ආයෙත් කබරගොයා

:       118       531

ගල්කටස් Wednesday, 07 November 2018 12:34 PM

බහුතරය පෙන්විය නැති වුවත් අනිවාර්යයෙන් බහුතරය පෙන්වා අාණ්ඩුව පවතවාගෙන යාමයි සුදුසු. නැතිනම් තවත් අවුල් ජාලාවකට රට තල්ලුකොට දමනු අැත. බහුතරය අැත්නම් 14 වෙනිදාට පෙන්වා ඉදිරියට යමු. ඒත් විශ්වාස නැහැ. හොදම විකල්පය නම් මහා මැතිවරණයකට යාමයි.

:       59       284

wijebahu Wednesday, 07 November 2018 12:52 PM

දැන් මොකද? තියනවා කියපු බහුතරය නැති නිසාද ඔය කතා කියන්නේ?

:       60       511

Nandalal DE SILVA - France Wednesday, 07 November 2018 12:57 PM

දැන් මේ කට්ටිය බයවී තිබෙන තරම නිතර වෙනස්වන ප්‍රකාශවලින්ම පේනවා! දැන් පලිහක් වශයෙන් "ව්‍යවස්ථාව " කියන වචනය ඕනෑම තැනකදී යොදාගන්නා බව පැහැදිලිවම පේනවා.

:       72       243

Hafeel Wednesday, 07 November 2018 01:40 PM

බහුතරය අවශ්‍ය නැත්නං, මොනවටද පුන පුනා කියන්නේ අපිට 113, 118, 120 එහෙම තියනවා බව.

:       47       219

rocky Wednesday, 07 November 2018 01:41 PM

ව්‍යවස්ථාවේ නැති දේවල් ගැන කතා කරන්නේ මොකකටද ?

:       71       100

sandy123 Wednesday, 07 November 2018 02:37 PM

එහෙනම් 2015 ගැන පුන පුනා කිව්වේ?

:       51       54

Chanak Los angeles Wednesday, 07 November 2018 03:01 PM

එහෙනම් මොවුන්ට වෙන්නේ පස්ස දොරෙන් ආව ආණ්ඩුවක් කියා ලෝක අවමානයට ලක්වෙන්නයි

:       1       116

Saththaya Wednesday, 07 November 2018 05:04 PM

අඩු ගානේ දේශපාලනය කරනවා කියන්නේ මුළු ලෝකෙටම අපේ උගත්කම, හැදිච්චකමවත් පෙන්නන්න ඕන නේද? එහෙම දෙයක්වත් දන්නේ නැති දේශපාලකයෝ තමයි මේ රටේ ඉන්නේ කියලා දැන් ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි.

:       3       509

sirimal Wednesday, 07 November 2018 08:27 PM

තියෙන දෙයක්නේ පෙන්වන්න පුළුවන්. නැති දෙයක් කොහොමෙයි පෙන්වන්නේ ?

:       0       213

ලුම්බිණි Thursday, 08 November 2018 02:45 AM

දැන දැන වැරදි කරන අතර ඒවා හරිය කියනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site