IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ඉවත් කිරීම කොමිසමෙන් නවත්වයි

තරිඳු ජයවර්ධන
 
අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථායේ ආරංචි මාර්ග කියයි.
 

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් ගුරුගේ මහතා එම තනතුරින් ඉවත් කර එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පසුගිය 30 වැනි දාතමින් විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
 
එම කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් බී වික්‍රමසිංහ මහතා පත් කිරීමට ද පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.
 
මෙම පත් කිරීම් සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණු බව ද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම පත් කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ. එම නියෝගය ක්‍රියාත්මක කරමින් අදාළ ස්ථාන මාරු අවලංගු කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 



අදහස් (3)

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ඉවත් කිරීම කොමිසමෙන් නවත්වයි

jim kuru Friday, 02 November 2018 06:28 PM

ජයවේව, පොලිස්පති අංගොඩ අරිමුද

:       0       0

rocky Saturday, 03 November 2018 01:40 AM

පොලිස් ලොක්කා දැන් කටයුතු කරන්නේ කාගේ වුවමනා අනුවද යන්න ප්‍රශ්නයකි..!

:       0       0

Rata Perata Saturday, 03 November 2018 08:16 AM

පොඩි හරි හොඳ නිවුස් එකක්... පූජිතගේ පස්සේ යන්න වුණානේ අන්තිමට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1393 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site