තරිඳු ජයවර්ධන
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ දැනට සිටින ස්ථානාධිපතිවරයා ඉවත් කර වෙනත් පොලිස් නිලධාරියකු එම තනතුරට පත් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ.
දැනට අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් ගුරුගේ මහතා එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිසිය කියයි.
චාවකච්චේරිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් බී වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබේ.
මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව බවත්, ස්ථානාමාරු සිදුකිරීමෙන් පසු ඊට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.