(සුජිත් හේවාජුලිගේ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී  කුමාරසිරි හෙට්ටිගේ මහතා පත් කර ඇත.

අගමැතිවරයාගේ උපදෙස් මත අගමැති ලේකම්  එස්.අමරසේකර මහතා  විසින් මෙම පත්වීම කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත් කෙරුණු හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි එම කාර්යාලයේදී ඊයේ (30) වැඩබාරගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

හෙට්ටිගේ මහතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේද කලක් සේවය කළ මාධ්‍යවේදියෙකි.