(සම්පත් ප්‍රියනන්දන)
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 15කු අත් අඩංගුවට ගැනීම සහ එම විශ්ව විද්‍යාලය වසා දැමීමට එරෙහිව සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු 2000ක් පමණ අද (25) විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතා කරුවන් විශ්වවිද්‍යාල භූමියේ සිට සටන් පාඨ සහ පෝස්ටර් රැගෙන පෙළපාලියේ පැමිණ ප්‍රධාන දොරටුව අභියස විරෝධතාවයේ නිරත වූහ.
මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ මෙසේ පැවැසීය.
‘‘අපි මේ විරෝධතාවය පවත්වන්නේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 15ක් අත්අඩංගුවට ගැනීම , අග්නිදිග විශ්වවිද්‍යාලය වසා දැමීම සහ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට එරෙහිවයි.‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd