IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


හිස්බුල්ලාට එරෙහිව රතන හිමියෝ කළ පැමිණිල්ල සිඅයිඩිය විමර්ශන අරඹති

(ඉන්දිකා රාමනායක)
 
 මඩකලපුව විශ්ව විද්‍යාලය  නමින්  විශ්ව විද්‍යාලයක්  ඉදිකරමින්  පවතින බවත් එයට සෞදි ආරබියේ තහනම් කරන ලද සංවිධානයක්  විසින් ඩොලර් මිලියන 100 ක පමණ මුදලක් ලබාදී ඇති බවටත්  පාර්ලිමේන්තු මන්ති‍්‍ර අතුරලියේ රතන හිමියන්  නැගෙනහිර හිටපු ආණ්ඩුකර  ඒ.එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා  මහතා  එරෙහිව  මඩකලපුව පොලිස් අධිකාරිවරයා වෙත කළ පැමිණිල්ල  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  අධීක්ෂණය  යටතේ මුල්‍ය අපරාධ විමර්ශන  කොට්ඨාසය විසින් විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.
 

ඉදිකරමින් පවතින මෙම විශ්ව විද්‍යාලයේ හිමිකරුවන්නේ බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම බවත්  එහි  අධ්‍යක්ෂකවරුන් වශයෙන්  හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා ඇතුළු 7 දෙනෙක් කටයුතු කරන බවට විමර්ශනයේ දී හෙළි වී ඇති බවද   රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.  
 
එම සමාගමේ කොටස් වලින් 50% බැගින් කොටස් දරන්නේ හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා බවත්  මෙම සමාගම සතුව පවතින බැංකු ගිණුම් 7 ක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද  රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
එක්තරා විදේශිය ආයනයක් විසින්  2016.3.4 සිට 2018.1.08 දක්වා  කාලය තුළ දී මෙම සමාගම බිලියන 3.64 ට අධික මුදල් ඒවා ඇති බවත්,ලැබී ඇති තවත් මුදල්  සම්බන්ධයෙන් ද  පරීක්ෂණ  පවත්වන බවද  ගුණසේකර මහතා කියා සිටියේය.
 
මුදල් විශූද්ධිකරණ පනතේ ප‍්‍රතිපාදන  අනුව මෙම මුදල් එවන ලද්දේ කුමක්  සදහා ද, මෙම මුදල් වැයකර ඇත්තේ කුමක් සඳහා ද  යන්න  පරීක්ෂණ පවත්වන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 



අදහස් (2)

හිස්බුල්ලාට එරෙහිව රතන හිමියෝ කළ පැමිණිල්ල සිඅයිඩිය විමර්ශන අරඹති

Bamunuarachchi Tuesday, 30 July 2019 04:00 PM

ඔව් හාමුදුරුවනේ ඔබවහන්සේ මුසල්මානුවන්ට කොතනද විරුද්දව නැගී සිටින්නේ අපි ඔබවහන්සේ වෙනුවෙන් එතනය.

:       3       112

Mahee Wednesday, 31 July 2019 12:45 AM

අනේ ඔබ වහන්සේගේ කාලය, එ්ක විමර්ශනය කරන්නේ ශාෆි ගැන විමර්ශනය කරන කට්ටියම තමයි හාමුදුරුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 22 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 50 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 42 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 163 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 168 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 561 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site