IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හම්බන්තොට රෝහලේ වෛද්‍ය වර්ජනයට රෝගීහු විරෝධය දක්වති

(සනත් ගමගේ)
 
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වැඩවර්ජනයට විරෝධය දක්වා රෝගීහු අද(05)  එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නියැලුණහ.
 
හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරියක් රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේම වෙනත් ස්ථානයකට මාරුකීරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.
 
බාහිර රෝගි අංශයට හා සායන සඳහා පැමිණෙන රෝගීන්ට දින ගණනක් ප්‍රතිකාර නොකිරීම‍ හේතුවෙන් සූරියවැව, ඇඹිලිපිටිය, මොණරාගල, තණමල්විල, වීරවිල, තිස්සමහාරාමය, අම්බලන්තොට සහ හම්බන්තොට ආදී ගම්වලින් පැමිණි රෝගීහු   විරෝධය   පලකළහ.

 රෝගීන්ගේ විරෝධතාවය හමුවේ  වෛද්‍යවරු බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා දීම ඇරඹූහ.
 
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියා සිටියේ  බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර කිරීම උදේ වරුවේ ක්‍රියාත්මක නොවූවද පසුව ප්‍රතිකාර  ලබා දිම ආරම්භ කළ බවයි. හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජන දිගින් දිගටම සිදුවන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති හෙයින් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.



අදහස් (8)

හම්බන්තොට රෝහලේ වෛද්‍ය වර්ජනයට රෝගීහු විරෝධය දක්වති

anura Thursday, 05 September 2019 09:10 AM

මෙම දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් නොමිලේ අධ්‍යාපනය ලබාගෙන එම ජනතාව ප්‍රාණ ඇපයට තබාගෙන තමාගේ වෘත්තීය අයිතිවාසිකම් බාගැනීමට කටයුතු කිරීම මහත් නිහීන ක්‍රියාවකි. මෙම ජනතාවගේ උද්ඝෝෂණය සාධාරණය. ඉදිරියේදී වදුරටත් තීව්‍ර කර යුතුය.

:       0       0

රවින් Thursday, 05 September 2019 09:29 AM

ඔය වැඩ වර්ජනයේ යෙදීසිටින වෛද්‍ය වරුන්ගේ පෞද්ගලික සායනයන් ද සදහටම වර්ජනය කරන්න. මේකේ කාටහරි ශරිරක් කෘතිය කරන්න බැරිඋනත් වැඩ වර්ජනය කරනවානේ. එක්කෝ රෝහල්වල වැඩ කරයි. නැතිනම් අකුලාගෙන ගෙදර යයි. ව්ර්තිය සමිති දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිපල.

:       0       0

බද්රානි Thursday, 05 September 2019 10:34 AM

ඔය දොස්තර මාෆියා කාරයින්ගෙන් බෙහෙත් අරගෙන සුව වෙනවට වඩා, බෙහෙත් නොගෙන මැරෙන එක හොඳ නැද්ද? ලෝකය පුරාම දෙවි වරු වැනි වෛද්‍ය වරු දැක ඇති අපට සිරි ලංකාව තුල දැකිය හැක්කේ දොස්තර යක්ෂයින් රැලකි.එවැනි යක්ෂයෙකුට (මාෆියා කල්ලියේ) රෝගියෙකුව හසු වුවහොත් රෝගියාගේ රීරි මාංශ උරා බොන එක හැර වෙනත් විකල්පයක් (ප්‍රතිකර්මයක්) ඔවුන්ට නැත.

:       0       0

chandana Thursday, 05 September 2019 10:37 AM

රෝගීන් එක්කත් දේශපාලනය කරන අමන දේශපාලුවෝ සහ ඔවුන්ට කඩේ යන වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය ,

:       0       0

ලසන්ත Thursday, 05 September 2019 10:38 AM

අනේ කාලේ! මේගොල්ලන්ට අධෝ වාතයක් ගියත් අසරණ ලෙඩ්ඩු තමයි විඳවන්න වෙන්නේ.

:       0       0

chandana Thursday, 05 September 2019 10:38 AM

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජන දිගින් දිගටම සිදුවන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති හෙයින් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.

:       0       0

ලුම්බිණි Thursday, 05 September 2019 10:52 AM

හරියට හරි. දොස්තරලට කියන්න ඒගොල්ල පඩි ගන්නේ ඔය ගොල්ල නිසා කියල. පරිපාලනයට බල කරන්න වැඩ නැත්නම් පඩි ගෙවන්න එපා කියල.

:       0       0

සාරසී Thursday, 05 September 2019 12:54 PM

තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාවත් ඉදිරියට එන්න කාලය ඇවිත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 144 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 186 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 400 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1911 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 281 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site