IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හානිපූර්ණ කාර්යාලයෙන් ත‍්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ නෑ - ඇමැති පාඨලි

(ඩයනා උදයංගනී)

හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් යුද්ධයෙන් සහ රටේ ඇති වූ වෙනත් ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට මිස ත‍්‍රස්තවාදීන්ට වන්දි ලබාදීමක් සිදුනොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව කොටි සංවිධානය නීති විරෝධි එකක් බැවින් එයට සම්බන්ධව සිටි අයට වන්දි ගෙවීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

විවිධ තත්ත්වයන් හේතුවෙන් 1986 සිට අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීම වෙනුවෙන් පිහිටුවා ඇති කාර්යාලය මගින් ලබාදෙන අතුරුදන් වූ හමුදා සහ සිවිල් පුද්ගලයන්ගේ නාම ලේඛනයේ වන්දි ගෙවීමට සුදුසු අය තෝරා බලා නිර්දේශ කිරීම හා අවශ්‍ය නීති ප‍්‍රතිපාදන රජයට යෝජනා කිරීම හානිපූරණය සඳහා වන කාර්යාලයේ වගකීම බව ද එහිදී  ඇමතිවරයා කීවේය.

උතුරු නැගෙනහිර ගැටුම්වලින් පීඩාවට පත්වූවන්, බෝම්බ පිපිරීම්වලින් පීඩාවට පත්වූවන්, 1987 ඔක්තොම්බර් මාසයේ උතුරු නැගෙනහිර පළාත්වලින් පන්නා දැමූ සිංහල හා 1991 ජූනි මාසයේ පන්නා දැමූ සියලු මුස්ලිම්වරුන්ට ආදී සියලු දෙනාටම හානි පූර්ණය වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බව ද ඇමතිවරයා කීවේය.

ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොලොන්නාව නව වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (25) එක්වෙමිනි.

වර්තමානයේදී ගංවතුර, ආගමික ගැටුම් ආදී සියලූ දේ වෙනුවෙන් වන්දි ලබාදෙනුයේ 1987 තිබූ පැරණි පනතකින් බව කී ඇමතිවරයා ඒ සඳහා විධිමත් මාර්ගෝපදේශ ලබාදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.

මෙම කාර්යාලයෙන් ලබාදෙන මාර්ගෝපදේශයන් කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බව ද කී ඇමතිවරයා එම හානි පූර්ණයෙන් ත‍්‍රස්තවාදීන්ට හෝ සුදුසුකම් නැති වෙනත් අයට වන්දි ලබාගත නොහැකි බව ද පැවසීය.

නැගෙනහිර පළාතේ මිනී මැරුම් සිදුකළ රාම්, නගුලන් වැනි ත‍්‍රස්තවාදීන් හයසිය ගණනකට හානි පූර්ණය කර වන්දි ලබාදුන්නේ රාජපක්‍ෂවරුන් බව ද ඇමතිවරයා මෙහිදී කීවේය.

එමෙන්ම හමුදා බුද්ධි අංශවලට දහසකට ආසන්න ප‍්‍රමාණයක් බඳවාගෙන මාසික පඩියක් ගෙවූයේ ද පසුගිය රජය බව කී ඇමති පාඨලී චම්පික රණවක මහතා එයට හේතු ඇසූ විට ඔවුන් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදා දෙනවායැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද කීවේය.

වර්තමානයේදී මුහුණු පොතේ වීරයන් වෙන්නට දඟලන්නේ ත‍්‍රස්තවාදය පරාජය  කරන සටනේ පැත්තකවත් නොසිටි අය බව ද කී ඇමතිවරයා පැවසීය.

 



අදහස් (2)

හානිපූර්ණ කාර්යාලයෙන් ත‍්‍රස්තවාදීන්ට වන්දි දෙන්නේ නෑ - ඇමැති පාඨලි

sarath Friday, 26 October 2018 02:27 AM

ඕකම කීවා හම්බන්තොට චීනට දෙද්දී.

:       0       0

Gamage Friday, 26 October 2018 07:38 AM

අපිට හරියකට කන්න නෑ. අපේ සේසතම බදු මගින් උදුරාගෙන ආණ්ඩුව රෑක ගන්න කරන දේවල් තමයි මේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 20 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 58 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 170 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 486 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 383 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 290 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site