IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සිංහරාජ මායිමේ තේ සිටුවීම වහා නැවැත්විය යුතුයි’

(අජිතලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

හිමිකමක් ගැන පස්සේ බලන්න පුළුවන් සිංහරාජ ලෝක උරුම වනාන්තර මායිම එළි පෙහෙළි කිරිමත්, මායිමේ තේ සිටුවිමත් වතුකාර සමාගම් වහාම නැවැත්විය යුතු යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (10) පැවසීය.

රක්වාන ජල මූලාශ්‍ර ප්‍රදේශවල රුක් රෝපණය කිරිමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නානයක්කාර මහතා මෙසේ ද කීය.

‘සුදු අධිරාජ්‍යවාදීන් 1818 රැල්ලෙන් පසු අපේ පොළොවේ තිබූ මී පැළ ලක්‍ෂ ගණනක් කපා දැම්මා. එහෙම කලේ අපේ ශක්තිය එය බව ඔවුන් දැන සිටි නිසා. ඒ කැපූ එක මී පැළයක් වෙනුවෙන් මී පැළ දහය බැගින් පැළකරන බව මේ වෙලාවේ සපථ කරනවා. මියෙම්වා හෝ රැකෙම්වා. මේ කොයික වුණත් මේ කටයුත්ත කිරීම මගේ ජීවිතයේ පරමාර්ථය කරගෙන තියනවා. ඒවගේම මේ හිටවපු ගස් පැළවෙලාද, පැළවෙන ගස් ලොකු වෙනවාද, ලොකු වෙන ගස් රැකෙනවාද කියලා මමත් මෙයාලත් බලනවා. ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනෑ.’

‘ලෝක උරුම සිංහරාජයට අභියෝග කරන්න කිසිම හිමිකමකට ඉඩම් දෙන්න බෑ. සෑම ඉඩම් හිමිකමක්ම සිංහරාජයේ බලයට යටත්. මේ බව මේ සියලුම වතුකාරයින් දැනගත යුතුයි. කාලයක් තිස්සේ මේ සිංහරාජ වනාන්තර මායිමේ වන විනාශයත්, ඒ තීරුවේ තේ සිටුවීමත් නවත්වන්න කියලා මේ වතුකාර මහතුන්ට අපි සංඥාවක් පැහැදිලිව දුන්නා. මේ ගැන නොතකන අය මැඩලන්න පොලිසියේ මැදිහත්වීම ලබාගනිමින් ඉන්නවා. හිමිකම් බලන්න පස්සේ පුලුවන්. දැන් නවත්වනවා හොඳයි. ඒක තමයි වතු මහත්වරුන්ට දෙන අපේ පණිවිඩය.'

‘දැන් අවුරුදු හය හතරක ඉඳලා රක්වාන ගඟේ වතුර අඩුවෙමින් තියනවා. විවිධාකාරයෙන් ජල මූලාශ්‍රයන්ට ඇතිවන හානිය නිසයි එහෙම වෙලා තියෙන්නේ. එළිකිරීම් පමණක් නෙවෙයි ජලය ඉවතට ගෙනයාම් ද ඊට හේතුවක් බව දැනගන්නට ලැබුණා. අපි ඔක්කෝම ජලය බෙදාහදා ගන්නට ඕනෑ. ජලය ඇති තැන් වලින් නැති තැන්වලට ජලය ලබා දෙන්නට ඕනෑ. හැම කෙනෙකුටම ජලය භුක්ති විඳින ප්‍රතිපත්තියකට අපේ ආණ්ඩුව ඇවිත් තියන බව කිව යුතුයි.’

’‘ජල මූලාශවල අයිතිය ජල සම්පත් මණ්ඩලයට පවරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. ජල මූලාශ්‍ර සහ රක්‍ෂිත සොයා මම මුළු ශක්තියෙන්ම ඇවිදිනවා කියන පරමාර්ථයක් මට තියනවා. මෙන්න මේ කටයුත්ත ඉටු වුණොත් ජල මූලාශ ඉබේම රැකේවි. ජලයත් ඉබේම ගලා යාවි.’

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර ගුණතිලක යන මහත්ම මහත්මින්ගේ ආරාධනයෙන් ජාතික ජලසම්පත් සහ ජලාපවාහන මණ්ඩලයේ සංවිධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. පාසල් සිසුන් රාජ්‍ය ආයතන නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.



අදහස් (15)

‘සිංහරාජ මායිමේ තේ සිටුවීම වහා නැවැත්විය යුතුයි’

බද්රානි Thursday, 10 September 2020 10:41 AM

වාසුදේව මහත්තයෝ, මෙතන නිකම් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව ඉන්න. අපි නොදන්නවාද ඔබ තුමා ගැන? කට විතරයි,වැඩ නැහැ? සමාජවාදයේ බණ කියමින් ධනවාදයට මුක්කු අල්ලන එක නම් නියමෙට කරනවා. සිංහරාජ මායිමේ තේ වගා කළාම මොකද වෙන්නේ? සිංහරාජේ මැදින් පාරවල් කපන එක හොඳද? ඔය මී ගහ ගැන කතාවත් අමූලික බොරු පුහු මතයක්. සුද්දෝ පොරව අරගෙන ඇවිත් මී ගස් කැපුවේ නැහැ. පලකට නැති නිසා අපේ මිනිස්සුම තමයි ඔය ගස් කපලා දැම්මේ. අනික, මී ලීයෙන් වත් ඵලක් තියනවද? මී ඇට කන්න එන වවුල්ලු ලගින මී ගස ඔය කියන තරම් අවට පරිසරය සශ්‍රීක කරන්නේ නැහැ. ඔය කියන මී ගස් තිබුණ පරිසරයන් (වතු) ගැන මම අත්දැකීමෙන්ම හොඳින් දන්නා නිසයි මෙය ලියන්නේ. මීගස් වවන වෙලාවේ එතන පොල් ගහක්, කජු ගහක් වවන එක නරකද? නිකමට සිතන්න, ජාල මුලාශ්‍ර හමුවේ වැවෙන කුඹුක් ගසෙන් ඇති ප්‍රයෝජනය ඔය කියන මීගසෙන් ලැබෙනවද? හුරතලේට වවුල්ලු ඇතිකරන අයට නම් ඔය මී ගස ප්‍රයෝජනවත් වේවි...!!!

:       0       0

abethissa Thursday, 10 September 2020 10:59 AM

අල්ලලා කපනවා ඔය රැවුල හොඳේ...

:       0       0

Prabha Thursday, 10 September 2020 11:29 AM

මේ මනුස්සයාගේ ඔලුව කොහෙවත් හැපිලාද? එක එක වෙලාවට එක එක දේ දොඩවනවා.

:       0       0

දිමුත් Thursday, 10 September 2020 12:12 PM

මෙතුමා දැන්ද නැගිට්ටේ?

:       0       0

sarath perth Thursday, 10 September 2020 12:58 PM

පරිසර පද්ධතිය ගැන ඔබතුමාට තියෙන කැක්කුම දේශපාළුවන් හුඟක් දෙනෙකුට නැහැ..

:       0       0

anura Thursday, 10 September 2020 01:13 PM

මී ගස් වගා කිරීම හොඳ දෙයක්. නමුත් මා අසා තිබෙන පරිදි මී ගස වවුලන් ආකර්ෂණය කරන ගසක්. මෑතකදී වසංගත ලෙස පැතිරුණු සාර්ස්, ඉබෝලා, නිෆා, කොරෝනා වැනි වයිරස්, වවුලන් හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට මතයක් පවතී. එබැවින්, රටේ මී ගස් ප්‍රචලිත කිරීමට ප්‍රථම ඉහත සඳහන් කරුණුද සැලකීම වැදගත් බව සිතමි.

:       0       0

pradeepa Thursday, 10 September 2020 01:16 PM

වාසුගේ බොරු සද්දේ විතරයි. අපේ සර් කියලා තියෙන්නේ මිනිස්සුන්ට කරදර නම් ඕනෑම කැලයක් කපා දමන්න කියලා. මතකයිනේ ගාල්ලේ නෙලුව සිද්ධිය...?

:       0       0

siri Thursday, 10 September 2020 02:32 PM

පාරවල් ලොකු කරලා බස් දාලා හෝටල් හැදුවට වැරැද්දක් නැද්ද අපේ මහත්තයෝ..?

:       0       0

irondi Thursday, 10 September 2020 03:42 PM

සිංහරාජ අඩවියේ අනාගතයේ ගංජා වවයි.. ඇයි 2/3ක බලය තියෙනවා...

:       0       0

jagath Thursday, 10 September 2020 04:58 PM

ඇමැතිතුමෝ සිංහරාජ අඩවිය නොවේ, ලංකාවම ඇමෙරිකාවට හෝ චීනේට වික්කත් කම් නැහැ.. ඒකනේ මිනිස්සු 2/3ක් දුන්නේ සද්ද වහලා ඉන්න.

:       0       0

kamal Thursday, 10 September 2020 05:00 PM

බොරුවට ලකුණු ගන්න ගොරවන්න එපා... ඔයාලා ගැන මිනිස්සු හඳුනනවා.

:       0       0

karuna Thursday, 10 September 2020 05:01 PM

චොකා මල්ලි පාර්ලිමේන්තුවට එන එක ගැන මොකද හිතන්නේ?

:       0       0

Nimal Thursday, 10 September 2020 05:59 PM

සිංහරාජ මායිම එළිකරන එක ප්‍රශ්නයක් නම් සිංහරාජේ ඇතුලේ පාරවල් කැපීම ප්‍රශ්නයක් නැතිද කම්කරු නායකයාණෙනි..?

:       0       0

Perera Thursday, 10 September 2020 06:29 PM

සිංහරාජ මායිමේ තේ සිටුවීම වරදක් ලෙස පෙනේ නම් සිංහරාජය මැද්දෙන් පාරක් කපන ව්‍යාපෘතිය වරදක් නොවේද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 September 2020 02:47 AM

මෙතුමාගේ මේ තීරණය ඉතාමත්ම වැදගත් දෙයක්. ඔය පැත්තේ පමණක් නොවෙයි රටේ තවත් පළාත්වල මේදේ සිදුවෙනවා... කිසිඳු ඉවක් බවක් නැතිව. සුද්දා තේ වැව්වා කියමුකෝ. ඒත්, ඒ මිනිසුන් දොළ රක්ෂිත, ගං ඉවුරු, හොර ආදී මහා රූස්ස ගස් පරිසරය රැක ගැනීමට ඉතිරි කළා. ඒත් මේ රටේ මිනිසුන් ඒවා අද සියල්ල වනසලා. අද ගං ඉවුරු, දොළ රක්ෂිත නැහැ. මොන උප්පර වැට්ටියක් හරි දාලා දැනට ඉතිරිව ඇති රූස්ස ගස් ටිකටත් වැඩේ දෙන්නයි අර අඳින්නේ. ඉත්තෑවා, තලගොයා, ගෝනා, මීමින්නා ඇතුළු බොහෝ සතුන් දැන් හිඟයි. අල්ලගෙන තම්බන් කාළා. මේවාට නීති නැහැ. සමහර පොලීසි වලටත් මස් පංගුව ලැබෙන නිසා මස් වැද්දන් පරදන්න කාටවත් බැහැ. මේක තමයි අමිහිරි සත්‍යය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 17 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 23 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 639 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 585 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 290 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site