IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සිසුන්ට - ගුරුවරුන්ට ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ලෙසින් අරඹයි

අජන්ත කුමාර අගලකඩ

 

රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ කාරියවසම් මහතා විසින් අද (12) ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

මෙම යෝජනාව අධ්‍යාපන ඇමැතිවරයා විසින් මීට වසරකට පමණ ඉහතදී ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් ද පත්කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් ක්‍රියාත්මක කළ යුතු බවට එම කමිටුව ද යෝජනා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.



අදහස් (9)

සිසුන්ට - ගුරුවරුන්ට ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ලෙසින් අරඹයි

Amila Tuesday, 12 February 2019 04:33 PM

ටැබ් කැඩුනහම හදන්න යන වියදම් අකිලද දෙන්නේ ? ඒවත් ඉතින් බදු ගහලා මිනිස්සුන්ගෙන්ම අරන් දේවීනේ !

:       96       15

පහන් Tuesday, 12 February 2019 04:46 PM

විශ්වවිද්‍යාල දරුවන්ටනේ ටැබ් ඕනේ කරන්නේ. උසස්පෙළ ළමයි සෞන්දර්ය විෂයන් සහ ක්‍රීඩාවලින් තවත් ඈත් කරන වැඩක්. ගේම් ගහලම ඕක කඩාගන්නවා. ඡන්ද අල්ලසක් වෙන්නත් පුළුවන් අවුරුදු 18 ලබන ඡන්ද 200.000 විතර තියනවා. ඊට අමතරව ඡන්දෙට වියදම් කරන්න කොමිස් මුදල් . රුපියල් මිලියන 5000 ඕනෙලු ටැබ් වලට. මහින්දෝදය විද්‍යාගාර වල පරිගණක 5700 කැඩිලලු. ඊයෙත් සුරියවැව පැත්තේ ඉස්කෝලයක් පෙන්නුවා ළමයි ඉගෙන ගන්නේ එළියේ හුළගේ යනවා පොත්. උසස්පෙළ ළමයි වැඩි හරියක් ලග ස්මාර්ට් ෆෝන් තියනවා. මේක නම් අසාර්ථක වැඩක්. ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙනවා අනිවාර්යයි.

:       74       156

prabha Tuesday, 12 February 2019 05:05 PM

මගේ දැනුමට යුරෝපයෙවත් පොඩි ළමුන්ට ටැබ් වලින් උගන්නනේ නැත. ඊට වඩා හොද නැත්ද ගස් යට පන්ති පවත්වන පාසල් වලට ගොඩනැගිලි ටිකක් හදල දුන්නොත්

:       87       118

chandima Tuesday, 12 February 2019 06:24 PM

පටන්ගන්න යන්නේ කොළඹින් නේද?

:       1       5

Udugama Tuesday, 12 February 2019 10:23 PM

මේකත් දේශපාලන කොන්ත්‍රාත්තුවක් දෙන්න ඇත්තටම උසස් පෙළ ළමයිනට පරිගණක අවශ්‍ය ද සෑම ගුරු දෙගුරු රැස්වීම වලදී ගුරු භවතුන් අපිට කියන්නෙ පෝන්වලින් රෑපවාහිණීයෙන් ළමයි ඇත් කරන්න කියලා කවූද හරි

:       13       52

ලුම්බිණි Wednesday, 13 February 2019 02:37 AM

දියුණු රටවල පවා මේවා නොමිලේ දෙන්නේ නැත. සහන මිලකට හෝ නැත්නම් පාසල සඳහා දුන්නා නම් නේද හොඳ? ඇයි මේ දරන්න බැරි වියදම් පටන් ගන්නේ?

:       51       30

himal Wednesday, 13 February 2019 09:04 AM

සිසුන්ට ටැබ් දෙන්න කලින් ලංකාවේ තියෙන සියලුම අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න බෑ. ඉන්දියාව රටේ හැම තැනම වැසිකිලි හදලා හිටියේ නෑනේ ළමයින්ට තොරතුරු තාක්ෂණය උගන්වන්න කලින්. ඊශ්‍රායලය රටේ ප්‍රශ්න තියෙද්දි තමයි කාන්තාරෙ වැව්වේ. තොරතුරු තාක්ෂණය දියුණු කරේ. මෙතන ටැබ් දෙන්න එරෙහි වෙන අය කොපි පොත් දෙන කාලේ හිටියා නම් තාම ළමයි ගල් ලෑලි වල ලියයි.

:       0       2

Rohana Thursday, 14 February 2019 09:55 AM

ටැබ් දීමට පෙර අධ්‍යාපනය වෙනුවෙන් කලයුතු දේ බොහොමයි. මේවා නොතේරීම හෝ නොසැලකීම තමයි කණගාටුව...

:       1       0

Chinthaka Thursday, 14 February 2019 10:28 AM

මා රජයේ පාසලක උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයවේදය උගන්වන ගුරුවරයකු ලෙස දකින්නේ මෙය ඉතා හොඳ දෙයක් ලෙසයි..... මොකද අපි ලමයින්ව තාක්ෂණයෙන් ඉගෙන ගන්න හරියට තාක්ෂණය යොදාගන්න පුරුදු කරන්න ඔනේ. එහෙම නොවනු නිසා තමා වැරදි දේවල් වලට පුරුදු වෙන්නේ. ඉස්සට වඩා දැන් digital ක්‍රමයට උගන්වන්න ලෙසියි. විඩියෝ ග්‍රෆික් සටහන් පාවිච්යෙන් බොහෝම සරල විදියට අමාරු කරුණු ඉගෙන ගන්න පුලුවන්. බොහෝම ලෙසි ක්‍රම තියෙද්දි රටහුනු , කළු ලෑලි එක්ක ඉන්න ඔනේ කියන මිනිසුන් ඉන්න රටක් තාක්ෂණයෙන් ඉස්සරහට යන්නේ කොහොමද ? රටේ ඔක්කොම ප්‍රශ්න විසදලා පාසල් ඔක්කම එක ගානට ගෙනත් ඔක කරන්න ගියොත් අපේ තව පරම්පරා 3,4 කට තාක්ෂණයෙන් ඉදිරියට යන්න වෙන්නෙ නෑ ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 178 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 455 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 752 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 976 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1552 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1233 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site