IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි

(නිමල කොඩිතුවක්කු)

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය.

රජයේ ඉදිරි සංවර්ධන කටයුතු  තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.



අදහස් (63)

සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි

ranga Wednesday, 30 October 2019 07:39 AM

එටකොට කොහොමද බ්‍රෑන්ඩ් නිව් ආණ්ඩුවක් වෙන්නේ. අනිවාර්යෙන්ම සජිත් රනිල්ගේ පෞද්ගලික ලේකම්.

:       15       428

පුරවැසිය Wednesday, 30 October 2019 11:03 AM

සජිත් යටතේ රනිල් අගමැතිවිම, රටම අවුල් කරන පවුල් පාලනයට වඩා එය කොතරම් ප්‍රජතන්ත්‍රවාදීද? සුදුස්සාට සුදුසුතැන දීම වරදක්ද? ගෝඨාභය ජනාධිපති වුවහොත් රාජපක්ෂ පවුලෙන් පිටවෙනත් කෙනෙකු අගමැති කරන බව හැකිනම් කියන්න.

:       1207       682

MaheeThursday, 31 October 2019 07:32 AM

හැබැයි සජිත් වහෙම ගෝඨාත් දෙන පොරොන්දු බැලුවාම නම් හිතෙන්නේ ඒ ගොල්ලන් ශක්‍ර දෙවියන්ගේ නැත්නම් මහා බ්‍රහ්මයාගේ තනතුරටත් වඩා ඉහළ තනතුරකට පත්වෙන බවයි. නැතුව නම් ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්න බෑ. ඒ වුණාට අලුත් ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති නිකම් නාම මාත්‍රිකයෙක් පමණක් නේද? අපේ අපේක්ෂකයා මොන පොරොන්දු දුන්නද මං දන්නේ නෑ. මං ඒවා ඉෂ්ඨ කරන්න බැඳිලත් නෑ කියලා. අපි පුරුදු පරිදි නැවත නැවතත් රැවටෙමු..

:       39       2

සේනක Wednesday, 30 October 2019 07:39 AM

තණ්හාය ජායතී සෝකෝ. අනේ අපේ රටට අබ සරණයි. රට කාපු අයට නැවත පාලන බලයක් ලබා දෙන්න තරම් රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි මහත්තයෝ.

:       193       529

wimalasena Wednesday, 30 October 2019 07:42 AM

වසන්ත විතරක් නෙවෙයි අපේ පාක්ෂිකයෝ ගොඩක් 1994 ඉඳන් අතරමන් වෙලා ඉන්නේ . මම නම් රනිල් දේශපාලනයෙන් ඉවත් වනතුරු ඡන්දෙ දෙන්න යන්නේ නැහැ.

:       363       425

swarna Wednesday, 30 October 2019 07:43 AM

අපිත් 94 ඉදන් කතිරේ ගැහුවේ නායකතුමා හැදෙයි කියලා අපේ ඇමතිවරු කියපු නිසා. මේ පාර නම් අපි රැවටෙන්නේ නැහැ. එයා පක්ෂෙන්ම අයින්වෙලා ගියොත් අපි නැවත එකතු වෙනවා.

:       27       352

nagasena Wednesday, 30 October 2019 07:46 AM

වසන්තගේ ප්‍රශ්න 4න් එකකට දැන් පිළිතුරක් ලැබී ඇත.

:       1       301

bandara Wednesday, 30 October 2019 07:48 AM

අදත් හෙටත් එජාප නායකයා රනිල්මය. බැඳුම්කර රනිල් පන්නන්න කාටවත් බැහැ. බැරි වෙලාවත් සජිත් දින්නොත් අගමැති රනිල්මය.

:       78       224

Saman Wednesday, 30 October 2019 07:53 AM

එ්කයි සජිත්ට ඡන්දය නොදෙන ප්‍රධාන හේතුව... මොකද සජිත් පරිණත නැති කෙනෙක්.. ජාත්‍යන්තර අවබෝධය අඩු නිසා රට කාලාදානවා. සියලු දෙනා අවබෝධයෙන් ඡන්දය පාවිච්චි කරන්න.

:       369       525

රජින්ද Wednesday, 30 October 2019 07:56 AM

මම කියන්නේ මෙච්චරයි. මෙවර එජාපෙ අපේක්‍ෂකයාට ජන්දේ දෙන්න කලින් එකම එක පාරක් මේ ටික හිතලා බලන්න. මහ බැංකුවේ මුල්‍ය වංචාවේ චෝදනාකරුවෝ ඉන්නේ කුමන අපේක්‍ෂකයාගේ පැත්තේද? කියලා. එච්චරයි. ඒත් තමන්ට හිත හදාගන්න පුලුවන්නම් මීට හය මාසයකට කලින් අකාලයේ මියගිය අපේ ජනතාවගේ ඝාතනය ගැන අන්න ඒ අයට තමන්ගේ කෙනෙක්ගේ මිනිය උඩ කකුලක් තියාගෙන චිත්‍රපටියක් උනත් බලන්න පුළුවන් බව අමතක නොකරන්න. ඔවුන් ඒ තරම්ම දේශපාලන අන්ධයින්.

:       1254       1730

DAYAN Wednesday, 30 October 2019 07:56 AM

ඔව් දැනුත් අගමැති. අගෝස්තු ආණ්ඩුව විසුරවලා නැවත ඡන්දෙකට යනකන් කොහොමත් අගමැති තමයි .

:       137       99

Gobbaya Wednesday, 30 October 2019 07:57 AM

එතකොට අගමැතිලා තුන්දෙනෙක් වෙනවා. රනිල් සර්, මංගල සර් සහ රන්ජිත් මද්දුමබණ්ඩාර සර්. රටට හොඳ කලක් එයි.

:       56       56

sharm warnThursday, 31 October 2019 03:57 AM

ඔව් සහෝදරයා.. අපිට දැනට ජනාධිපතිලත් දෙන්නෙක් ඉන්නවනේ.. ඇයි ඇහෙන්නේ නැද්ද පොහොට්ටුවේ ඉන්න බංකොලොත්කාරයෝ කියන්නෙම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලනේ.. ඒ නිසා අපි රටටත් හොඳක් වෙන්න කියලා වැඩියෙන් ඉන්න අය දෙතුන් දෙනෙක් ගාණක් කතා කරගෙන චීනෙට දීලා දාමු... ප්‍රශ්න දෙකක් විසඳෙනවනේ දෙයියනේ... රටට ඉතුරුවක් සහ පොඩි ආදායමකුත් ලැබෙයි අනිත් අතට රටට යහපතකුත් වෙයි.. හා නැද්ද මං අහන්නේ?

:       104       0

GobbayaThursday, 31 October 2019 10:43 AM

සමාවෙන්න අායුබෝවන්, අගමැතිලා තුන් දෙනෙක් නෙවෙයි 4 දෙනෙක්. ඇයි අර උඩරට පැත්තේ එක් කෙනෙකුත් අගමැතිකම ඉල්ලලා තිබුණානේ... හරිම ශෝක්, අගමැතිලා හතරදෙනා රටේ හතර කොනේ තියන්න පුළුවන්...!

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 October 2019 08:06 AM

මේ තරම් කලින් ඇයි සජිත්ගේ ඡන්ද කඩන්න පටන් ගත්තේ? අපි හිතුවේ අන්තිම සතියේ විතර වැඩේට බහියි කියලා. සජිත්ව අයින් කරලා ඔබ විපක්ෂ නායකකම කරන්න ඉන්න බව නම් මොලේ කළඳක් තියෙන කෙනෙක් වුණත් දන්නවා. කෙසේවෙතත් ඔබ අගමැතිකමෙන් අයින් වෙලා කැමති ඕනෑම දෙයක් කරගන්නවාට රටේ බහුතරයක් කැමතියි.

:       121       423

sudda Wednesday, 30 October 2019 08:09 AM

එය ජනතා කැමැත්තද?

:       1       70

Rasika Pradeep Wednesday, 30 October 2019 08:16 AM

සජිත්ට වෙන්නෙත් සිරිසේනට වුන දේම තමයි. රටට දෙයියන්ගෙම ම පිහිටයි. හීනෙන් හරි මෙයා ආයේ අවොත් මුහුදේ පනින්න තමා තියෙන්නේ කඩේ යන සෙට් එකටම.

:       120       181

මහසෙන් Wednesday, 30 October 2019 08:19 AM

හැබැයි ඊයෙත් සජිත් උතුමාණන් කීවේ ඔහු කියන කිසිම දෙයකට එරෙහිව යන්නට කිසිවෙකුට නොහැකි බව සහ පරණ පිරිසක් සමග ගමනක් නැතිවගයි. අලුත් එන්ජිම, අලුත් ඩයිනමෝව............මේ ඒවාද?

:       0       151

කුමාර (කැනඩාව) Wednesday, 30 October 2019 08:19 AM

අනේ වාසනාවන් ගරු අගමැතිතුමනි. ඔබෙන් තොර පාලනයක් කරන්නට සජිත් තවම ළාමක වැඩියි.

:       68       145

Bandara Wednesday, 30 October 2019 08:23 AM

දවල් හීන. මොකක්ද දන්නෑ කරන්න හිතන් ඉන්න උප්පරවැට්ටිය.

:       2       70

Hafeel Wednesday, 30 October 2019 08:31 AM

මෙයාටත් මහින්දටත් වෙනසක් නැහැ.

:       57       429

BamunuarachchiWednesday, 30 October 2019 09:55 AM

මොන මගුලක් දැනගෙන දේශපාලනය කතා කරනවද දන්නේ නැහැ. හලෝ ඔය රනිල් තමයි ප්‍රභාකරන්ට උතුර අවුරුදු 10ක් දෙන්න ලැහැස්ති වුනේ... මහින්ද තමයි ප්‍රභාකරන්ව පරලොව යැව්වේ.. එ්කවත් දැනගෙනද මෙතැන ලියන්නේ...?

:       618       729

manju - ragamaWednesday, 30 October 2019 11:11 AM

රත්තරන් ටොන් 44 ක් හොරෙන් විකේ කවුද...? කෝ ඒ සල්ලි . ඔබ වහලෙක්. අපි කතාකරන්නේ මේ දෙගොල්ලොම හොරු බව කියන්නයි. ඔබ වැනි ගෝත්‍රික අය නිසා තමයි මේ රට නැතිවෙලා තියෙන්නේ.

:       436       464

nalinWednesday, 30 October 2019 06:40 PM

මංජු ඊයේ රැයේ දැකපු හීනය.

:       4       0

BamunuarachchiFriday, 01 November 2019 04:19 AM

සජිත් වගේම තමයි එජාපෙ ඉන්න අනික් ගොයියොත් කට ඇරියොත් මෝඩ කතාවක් කියයි.

:       1       1

layan sathsara Wednesday, 30 October 2019 08:32 AM

ගෝඨාභය ජනපති දරන රජයක තමන් හිරේ බව සිහිවේ.

:       613       378

athulaWednesday, 30 October 2019 09:37 AM

ඔලුවේ අමරුවක්ද? ඔය සේරම අද එළියේ ඉන්නේ රනිල් සේරම බේරගත්ත නිසා. ඔය දෙගොල්ලෝ මරාගන්නවා. පේනවනේ එකට මගුල් කන හැටි. අපේ බත් කන හරක් 71 වසරක් ගිහිල්ලත් තාම අන්ධයෝ වගේ.

:       6       323

athula Wednesday, 30 October 2019 08:35 AM

එහෙනම් දෙයියන්ගේම පිහිටයි.

:       1       79

sisira Wednesday, 30 October 2019 08:49 AM

අනේ අර මනුස්සයට හම්බවෙන තවත් ඡන්ද අඩුවෙනවා...

:       0       151

saman Wednesday, 30 October 2019 08:51 AM

ඔබතුමා ලංකාව දියුණු කරන බව අපට විශ්වාසයි.. සජිත් වෙනස් නොවේවා කියා පතමු.

:       263       249

SinhaWednesday, 30 October 2019 10:22 AM

අවූරුදු හතර හමාරක් දියුණු කළේ... ආර්ථික වර්ධන වේගය 2.5% යි. තවත් දීලා දියුණු වෙයි.

:       1       163

සේන Wednesday, 30 October 2019 08:55 AM

කව්ද ඉතින් ඔය සැලැස්ම නොදන්නේ?

:       1       93

නුවන් Wednesday, 30 October 2019 09:04 AM

සජිත්ගෙ බුද්ධි මට්ටම එක්ක ගත්තම මෙතුමා ලගින් ඉන්න එක හොදා.

:       87       217

බුවනි Wednesday, 30 October 2019 10:05 AM

මෙයානිසා සජිත්ට ලැබෙන ඡන්ද නැතිවෙනවා. මෙයා එදා ඉඳලාම සජිත්ගේ කකුලෙන් ඇද්දා.මට හිතෙන්නේ රනිල් කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත් එකක්.

:       1       60

Thilina Wednesday, 30 October 2019 09:05 AM

ඒකට ඉතින් සජිත් ජනාධිපති වෙන්න එපැයි . හීන බල බල ඉන්න දෙන්නත් එක්ක.

:       67       241

hira Wednesday, 30 October 2019 09:08 AM

මේවා දැක දැක යූ.එන්.පී එකට ඡන්දය දානවද?

:       143       200

Amila Wednesday, 30 October 2019 09:10 AM

මෙයයි මහින්දයි ලේසියට ගෙදර යන මිනිස්සු නෙමේ. එලෙව්වත් එල්ලිලා හරි ඉන්න හදන ඇණ. ගෙදර යන්නේ යාලුවාවත් එක්කම.

:       20       185

ගල්කටස් Wednesday, 30 October 2019 09:11 AM

සජිත්ගේ අදහස තමයි මෛත්‍රී හරි, චන්ද්‍රිකා හරි අගමැති කරවීම මංගල න්‍යායයි. එහෙත් එය ඉටු වන්නෙ නැහැ පරදිනවා මෙවර.... ලබන පාර අපේක්ෂකයා නවීන් හෝ විජයවර්ධන බව මතක තබාගන්න.

:       22       162

Gamarala Wednesday, 30 October 2019 09:11 AM

එතකොට සජිත්ට කරන්න තියෙන්නේ එක්කෝ කෑගහන ගෙම්බොත් එක්ක ඉන්න. එහෙම නැත්නම් ඉන්න මඩ ගොහොරුවෙන් ඉවත් වෙලා වෙනම කටයුතු කරන්න.

:       0       15

ලුම්බිණි Wednesday, 30 October 2019 09:12 AM

කවුද අගමැති කියලා දිනුවායින් පස්සේ තීරණය කරනවා කිව්වා නම් නේද හොඳ..?

:       6       49

රජින්ද Wednesday, 30 October 2019 09:14 AM

2015 දි මෙයාලගේ කීම් වලට ඇඳගෙන ඉන්න කට්ටිය ඇර මොළය කලඳක් හරි තියෙන කෙනෙක්ට වැටහෙනවා කරුමෙටවත් මෙයාල ආවොතින් ඉදිරි අවරුදු 5 ඇතුළත අපේ රට ලෝක සිතියමෙනුත් අයින්වෙලා යන බව.

:       0       181

chandima Wednesday, 30 October 2019 09:30 AM

නිකන්ම අගමැති නෙමෙයි. විධායක අගමැති. ඔන්න එතකොට තමයි බෙල්ලේ වැලදාගන්න වෙන්නේ කාට කාටත්.

:       158       192

kamaniWednesday, 30 October 2019 10:03 AM

මිනිහා රටෙන් කැල්ලක් ඇමෙරිකාවට හිමිවෙන සෝෆා ගිවිසුම ගහන්න ඔක්කොම ලැහැස්ති කරලයි බලන් ඉන්නේ අගමැති වෙන්න. බලාගෙන ඉන්නකෝ ජවිපෙ උඩින්ම ජයග්‍රහණය කරනවා.

:       3       540

samarasinha - hambanthota Wednesday, 30 October 2019 12:06 PM

අපි ඔක්කොම ජවිපෙට!!

:       2       76

anura Wednesday, 30 October 2019 10:00 AM

අපි සජිත්ට ඡන්දය දෙන්න තමයි හිටියේ... ඉවරයි. මේ අයත් එක්ක රට නැත්තට නැතිවෙනවා. මෙයා රට ඇමෙරිකාවට ලියන්න ප්ලෑන් එකක් තියාගෙන ඉන්නේ. අපි අදහස ඉවත් කරගත්තා.

:       0       153

sirimalWednesday, 30 October 2019 10:38 AM

ගෝඨාභය ජනාධිපති වුණත් පවතින රජය වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වශයෙන් පත්වෙන කෙනාට නව අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලයක් පත්කරන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ආණ්ඩුව වෙනස් කළොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරොධී නිසා උසාවියන්න වෙන වැඩක්.

:       127       144

sirimal Wednesday, 30 October 2019 10:02 AM

සමහර නාලිකා මේ කතාව "බ්‍රේකින් නිව්ස්" හැටියට ප්‍රචාරය කළාට ගෝඨාභය දිනුවත් අගමැති රනිල්ම තමයි. මෙවර පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් මිස මහමැතිවරණයක් නෙවේනේ. ඉතින් කවුරු ජනාධිපති වුනත් පවතින රජය වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වශයෙන් පත්වෙන කෙනාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබාගෙන නව අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලයක් පත් කළ හැකි බවයි අපගේ වැටහීම... මතකයිනේ අර දවස් 52 කදී ආවා ගියාට අගමැති කෙනෙක් පත් කරන්න ගිහිල්ලා කාපු පරිප්පුව... අපේ ඡන්ද දායකයින්ගේ හැටි සලකා බලනවිට රනිල් කරපු ඒ කතාව සජිත්ට අවාසිදායක වෙන්නත් බැරි නැහැ.

:       201       229

niyaz Wednesday, 30 October 2019 10:03 AM

රටේ ආර්ථිකයට වූ වෙනස සැපද ?

:       38       26

Sarath Wednesday, 30 October 2019 10:20 AM

ඔන්න බළලා දැන් තමා මල්ලෙන් ඇත්තටම එළියට පැන්නේ.

:       0       29

රනිල් ගෙන් රට බේරාගමු Wednesday, 30 October 2019 10:20 AM

සජිත් දිනනවා කියන්නේ රනිල්ගේ බලය නැවත වරක් රනිල් ගන්නවා. රනිල් සිරිසේන එක්ක කළෙත් මේකමයි. රටට මොන හෙනේ වැදුනත්19 ගෙනල්ලා තමන්ට බලය තියාගත්තා. මේ පාරත් දුන්නොත් අර කාර් ගන්න හිටපු නංගිලාට සජිත් දෙනවා කියපු ඒවාවත් ගන්නවත් ලැබෙන්නේ නැහැ.

:       1       32

isurandi Wednesday, 30 October 2019 10:23 AM

කිව්වත් නොකිව්වත් හොදින් හෝ නරකින් සජිත් දින්නොත් රනිල් අගමැති. ඒ වගේම ගෝඨා දින්නොත් මහින්ද අගමැති. ඕකනේ තියරිය.

:       1       57

Chandima Wednesday, 30 October 2019 10:29 AM

ගෝඨට ඡන්ද තවත් වැඩිවුණා.

:       160       82

Siripala Wednesday, 30 October 2019 11:27 AM

සජිත්ගේ සනීපාරක්ෂක තුවා බෙදීමේ සිහිනයත් බොඳ වෙන්න යන්නේ.

:       0       4

Bandula. Wednesday, 30 October 2019 11:31 AM

අනේ වාසනාවන්.

:       20       0

Lal Wednesday, 30 October 2019 11:53 AM

මෙයා එන හින්ද අපි සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ.

:       0       32

විජිත් Wednesday, 30 October 2019 06:59 PM

මහා පාවා දෙන්නෙක්. එම්.සී.සී ගිවිසුම ඇමෙරිකාව සමග හෙට අනිද්දම අත්සන් කරනවාලු. එහෙම වුනොත් අපේ රට ඉවරයි. එදාට මෙයත් ඉවරයි. රනිල් ඔබ මේ රට ඩොලර් මිලියන 400 කට පාවාදුන්නොත් එදා ඔබගේ ජිවිතයේ අවසාන දවස බවත් දැනගන්නවා. ඔබ වැනි පාවාදෙන්නෙක් මේ ඉතිහාසයේවත් ඉඳලා නැහැ.

:       1       90

suminda Wednesday, 30 October 2019 09:12 PM

අපේ රට ඇමෙරිකාවට පාවාදුන්නොත් සිදුවන්නේ ශ්‍රී ලංකා හමුදාවෙන් වෙඩි කා මියයාමට හෝ ගඩාෆිට වුණා සේ මහාජනතාවගේ ගුටි කා මහාපාරේ මිය යාමටයි. ඇමෙරිකාව එයාගේ වැඩේ අවසන් වුණාට පස්සේ ඔබව බේරාගන්න එන්නේ නැහැ. ඔබව අතහැර දමනවා.

:       1       42

mahinda Wednesday, 30 October 2019 11:58 PM

රට හදන්න කොච්චර අය මේ ගමන ඡන්දෙ ඉල්ලනවද? ඒ අය ගැන කතා කරන්නේ නැත්තේ අැයි?

:       0       1

Sunil Thursday, 31 October 2019 12:11 AM

එහෙම වුණොත් රටම විනාසයි.

:       1       0

Uditha - London Thursday, 31 October 2019 05:21 AM

කාන්තාවන්ගේ මාස් ශුද්ධියට අවශ්‍ය දේවල් දෙන්නනේ මේගොල්ලෝ රට ගන්න හදන්නේ.. ගොන් කතා නොකියා රටේ දියුණුව ගැන හිතන්න..

:       1       12

විජිතThursday, 31 October 2019 01:48 PM

මහා බ්‍රිතාන්‍යය සකස් වී ඇත්තේ එංගලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය එක්වීමෙනි. මෙම රටවලින් කොපමන දියුණුවක් ඇතත් ස්කොට්ලන්තය පළමුකොටම කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් ලබාදුන් රට බව එංගලන්තයේ සිටින නුඹ නොදන්නේද?

:       0       0

ශිරෝ Friday, 01 November 2019 03:36 AM

දේශද්‍රෝහී, ජාතීද්‍රෝහී මනුස්සයෙක්. රට, ජාතිය, ආගම විනාශ කරනකම් නින්ද යන්නෙ නැද්ද? අපේ රටේ අනාගත පරපුරට විසදගන්න බැරි ප්‍රශ්න ගොඩක් හදලා තමයි මොහු යන්නේ. තාමත් මේක තේරුම් ගන්න බැරි නිවට වහල්ලුත් ඉන්නවනේ.

:       0       0

Don Saturday, 02 November 2019 08:19 AM

සජින් ද වාස් ගුණවර්ධන, මර්වින් සිල්වා, රවුෆ් හකීම් චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 853 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි
2024 මැයි මස 08 8020 63

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ.


මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට
2024 මැයි මස 07 6953 10

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් ’’ මන්නා රමේෂ් ’’ නැමැති අය අද දින අලුයම ඩුබායි


ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා
2024 මැයි මස 06 4745 33

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුම


ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති
2024 මැයි මස 06 4914 1

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 2432 1

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site