IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා දැදුරුඔයෙන් වැලි අදී

ඔගස්ටින් ප්‍රනාන්දු   

වැලි ගොඩ දැමීම  තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය නොතකමින් සංවිධානය වු පිරිසක් උපක්‍රමශීලිව මහ පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව වයඹ හඩ පරිසර සංවිධාන පෙන්වා දෙයි.

වාර්ෂිකව හලාවත මෝයේ සිදුවුණ වැලිපරයකින් වැසි යාම නතර කිරිමට වැලි කොට්ටා යෙදීමේ මුවාවෙන් මෙම වැලි ගොඩ දැමීම විශාල යන්ත්‍ර යොදා ගෙන දැදුරු ඔය තුළ සිදුකෙරේ.

ඇතැම් ධීවර සංවිධානවල සහය පවා ලබාගෙන ඇති බව සිදුකරන ලද විමර්ශනයක දී හෙළි කර ගත හැකි වු බවත් එම සංවිධානය පෙන්වාදෙති.

පරිසර සංවිධාන කිහිපයක් දැදුරු ඔයේ වැලි ගොඩ දැමීම නිසා සිදුවන පරිසර විනාශය නතර කිරිමේ අරමුණින් පවරා තිබු නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම මෙන්ම එම වැලි ප්‍රවාහනය කිරිම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

එහෙත් හලාවත මෝය සංවර්ධනය කිරිමට ආණ්ඩුවේ මුදල් ලබා නොගෙන හලාවත මෝයෙන් වැලි ඉවත් කර එම වැලි අලෙවි කර ලබා ගන්නා මුදල ඒ සදහා යොදා ගන්නා බව කියමින් මෙම සංවිධානාත්මක පිරිස ගත වු වසර තුනක පමණ කාලයක සිට මෝයේ සිට කිලෝ මීටර් එකහමාරක පමණ දුරක දී දැදුරුඔයට යෝධ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන වැලි පොම්ප කර ගොඩ දමමින් සිදු කරණ මහ පරිමාණයේ පරිසර විනාශය නතර කිරිමට වගකිව යුතු කිසිදු ආයතනයක් අවශ්‍යය පියවර ගෙන නැත.

මෙම වැලි ඉවත් කිරිම නිසා ඉදිරියේ දි කොළඹ පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලමට ද අනතුරක් සිදුවිය හැකි බවත් කියති. දැනටත් දැදුරුඔය ඉවුරු ඛාදනය ද ඉහළ ගොස් ඇත.

දැදුරු ඔය ආසන්නයේ පිහිටි පොල්වත්තකට මෙම වැලි ගොඩ ගසා ඇති අතර හිටි හැටියේ මෙම වැලි ඇතැම් රාත්‍රි කාලයේ දී ටිපර් රථවල පටවා ගෙන හලාවත කොළඹ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරනු දැකිය හැකිය.

මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් නිරික්ෂණ චාරිකාවක නිරතවු වයඹ හඩ පරිසර සංවිධානයේ සභාපති විල්පත පේමානන්ද  ස්වාමින් වහන්සේ පවසා සිටියේ දැදුරුඔයට සිදු කරන  හානිය වහාම නතර කිරිමට රජය මැදිහත් විය යුතු වන අතර වසර හතරකට ආසන්න කාලයක් කරන මෙම වැලි ජාවාරම  විනාශයක් වන බවත් කීය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය සී.එව්.ඒ.ආර්. සිරිවර්ධන මහතා පැවසුවේ දැදුරු ඔයේ වැලි ඉවත් කිරිමකට තම කාර්යාංශය කිසිදු ආකාරයකින් බලපත්‍ර නිකුත් කර නැති බවයි.



අදහස් (4)

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා දැදුරුඔයෙන් වැලි අදී

ලංකෝනිස් Saturday, 13 April 2019 12:51 AM

නොදන්නාකමටයි අහන්නේ මේක අධිකරණයට අපහාස කිරීමක් නොවේද

:       0       67

Perakum Saturday, 13 April 2019 08:37 AM

අපේ බඩ කට පිරෙනවානම් සාක්කු පිරී ඉතිරී යනවනම් අපේ ආරක්ෂාවට දේශපාලුවෝ ඉන්නවනම් මතු පරපුරට මක් උනාම අපට මොකෝ...?

:       0       94

rocky Saturday, 13 April 2019 12:26 PM

පරිසරය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ නොවේද? එහෙම නම් මේ වැඩේට ජනාධිපතිතුමා අවසර දීලා ඇති!

:       0       72

anura Saturday, 13 April 2019 02:17 PM

වචනයක් වැරදුනාම ඇපත් නැතිව සිටින්නට වන කාලයේ මෙවැනි මහා පරිමාන අපරාධ වැළැක්වීමට ක්‍රමවේදයක් නොමැතිව සිටීම මුළු මහත් සාමාන්‍ය ජන සමාජයම අන්ත අසරණ වී ඇති ලෙසකි පෙනෙන්නේ. ප්‍රංශ විප්ලවයට පෙරාතුව තිබුනු යුගය සම්බන්ධව පළවූ කෘතියක් වන "දෙනුවර කථාව (Tale of the two cities)" හි සඳහන් යුගයක් දැන් ලංකාවේද ඇති වී තිබෙන බව පෙනේ.

:       0       64

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 392 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 94 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 61 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 605 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 651 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1096 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site