IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැව බේරගන්න වාන අසළින් වෑ කන්ද කපා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අධික වර්ෂාව හේතුවෙන් පිරී ගිය නායන්කල්ඹ වෑ කන්දට ඉහළින් ජලය පිටාර ගැලීමත් සමඟ වැව් බේරා ගැනීමට වාන්  ආසන්නයෙන් කපා දමා ජලය අඩු කිරීමට කටයුතු කළ බව ගොවීයෝ පවසති.

අක්කර 50 කට වැඩි වපසරියකින් යුත් නායන්කල්ඹ වැව පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණය කර ඇති අතර මෙම වැවේ ජලයෙන් කුඹුරු අක්කර 100 කට අධික ප්‍රමාණයක් අස්වද්දන බව ඔවුහු කියති.

පසුගිය දින ගණනාවක් නොකඩවා  වැව් තුනකින් ගලා ගෙන එනු ලබන අධික ජල කද හේතුවෙන් නායන්කල්ඹ වැව පිරී ඉතිරී ගොස් තිබේ.

එම ජල කඳ වැව පිරියාමත් සමඟ වෑකන්දට උඩින් 21 දින පිටාර ගැලු බවත් ඒ හේතුවෙන් සොරොව්ව ආසන්නයෙන් මේ වන විට වෑ කන්ද කැඩී ගොස් ඇති බවත් එම ස්ථානයට වැලි කොට්ට ගසමින් කැඩී යාම වළක්වා ඇත.

ඒ සමඟම තවත් ස්ථාන කීපයකින් ජලය පිටාර ගලමින් තිබීමෙන් වාරිමාර්ග නිලධාරීන්ගේ උපදෙස් මත වැව බේරා ගැනීමට වාන් ආසන්නයෙන් වෑ කන්ද කපා වැඩි ජලය ගලා යාමට කටයුතු කරමින් ඇති බව නායන්කල්ඹ ගොවි සංවිධානයේ සභාපති ඩී.එම් .නිමල් රූපසිංහ මහතා කීය.



අදහස් (2)

වැව බේරගන්න වාන අසළින් වෑ කන්ද කපා දමයි

Ile Tuesday, 22 October 2019 12:15 PM

මේ නායන්කල්ඹ ගම කොහෙද තියෙන්නේ දිස්ත්‍රික්කය මොකක්ද? ආසන්න නගරය මොකක්ද?

:       3       29

Kumar Tuesday, 22 October 2019 05:18 PM

මේ වගේ කලපනකරිව කටයුතු කරන නිරධාරීන්ට යම්කිසි ප්‍රධානයක් දෙන්න වටිනවා. වැව් බැම්ම බිදී සිදුවෙන්න ගිය පාඩුව වලකා ගත්ත එක ඉතාමත් හොද ක්‍රියාවක්. මතක ඇතිව ඒ ක්‍රියාව කල නිලධාරියට ඉස්තුති කරන්න අති විශාල උඩවලවේ වැනි වැව් ආරක්ෂා කිරීමට මෙවැනි හදිසි අවස්ථාවකදී වාන් දමන පහත තැනක් බැම්මට නැගෙනහිරින් සාදා ඇති බව කියන්න ඕනෙ.. තණමල්විල පැත්තට යන මහපාර තනා ඇත්තෙ ඒ වාන මතින්..

:       0       22

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 22 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 341 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 266 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 210 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 551 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1107 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site