IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වර්ෂාව හේතුවෙන් මාතලේ පවුල් 81ක් ආරක්ෂිත ස්ථානවලට

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

දින තුනක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 81ක ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් දඹුල්ල, යටවත්ත, පල්ලේපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙසේ කඳවුරු පිහිටුවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

යටවත්ත ප්‍රදේශයේ පවුල් 47 පල්ලේපොල ප්‍රදේශයේ කඳවුරු පිහිටුවා ඇත.  දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක පවුල් 22 ක්, පල්ලේපොල ප්‍රදේශයේ 12ක් ආකාරයෙන් රඳවා තිබේ.

දින තුනක සිට මේ දක්වාම නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 70කට පමණ හානි වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මාර්ග 12ක පමණ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වන ආකාරයෙන් ගස් කඩා වැටීම් නායයෑම් සහ ජලයෙන්  යටවී වාර්තා වී තිබේ.

අද (21) දහවල් වනවිට මෙම තත්වය හාත්පසින්ම වෙනස් විය හැකි බවත් තොරතුරු වාර්තා වීම් පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කණ්ඩලම වැව ඉබ්බන්කටුව  ජලාශයේ දඹුල්ල පන්සලේ වැව පහළ වැව රන්දෙනිය වැව තවමත් පිටාර ගලමින් පවතී.   එසේ පිටකරන ජලය දඹුලු ඔය හරහා කලා වැවට මුදා හැරේ.  පහළ ප්‍රදේශ මෙම ජලගැලීම හේතුවෙන් යටවී ඇත. දඹුල්ල ගම්උදාව ප්‍රදේශයේ කොටසක් ජලයෙන් යටවී තිබේ. තම්මන් ඇළ පිටාර ගැලීම නිසා නව පාදෙණිය ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.



අදහස් (4)

වර්ෂාව හේතුවෙන් මාතලේ පවුල් 81ක් ආරක්ෂිත ස්ථානවලට

Ameesha kulathunga Saturday, 21 December 2019 08:52 AM

අපි දෙසැම්බර් 26 මාතලේට ට්‍රිප් එකක් යන්න ඉන්නේ... ඒ වුණාට මේ තද වර්ෂාව නිසා යන්න වෙන්නේ නෑ. පුළුවන්නම් විසඳුමක් දෙන්න.

:       4       0

sunilSaturday, 21 December 2019 02:05 PM

බෝට්ටු අරගෙන යන්ට...

:       0       0

විනිවිදSaturday, 21 December 2019 02:28 PM

ට්‍රිප් එකක් යන්න අවශ්‍ය නැත. ට්‍රිප් එකට සහභාගිවන සියලුදෙනා එක්ව, වියදම්වන මුදල් එකතුකොට ඔබ ප්‍රදේශයේ තද වර්ෂාව නිසා හෝ ගංවතුරින් ප්‍රදේශයේ අනාථව කඳවුරු සිටින ජනතවට සහනයක්, උණුසුම් තේ, කොපි හෝ කෑමවේලක් ලබාදීමට කතයුතු කරන්න. මේ වෙලාවේ දෙන්න පුළුවන් හොඳම විසඳුම එයයි.

:       0       7

Bamunuarachchi Tuesday, 24 December 2019 10:40 AM

මොන දුක් කරදරේ සිටියත් පොටෝ එකක් ගන්න කොට සිනහ වෙනවා කොච්චර හොඳද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 102 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 413 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 323 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 247 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 624 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1275 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site